Latestදේශීය

මාධ්‍යවේදීන් ඉලක්ක කර එල්ල කරන ප්‍රහාර

(ශාලික විමලසේන)

ඊයේ (07) අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධානය කළ විරෝධතාව ආවරණය කරමින් සිටි ‘අද දෙරණ මාධ්‍යවේදී චාමරට’ ද කොළඹ විශ්වවිද්‍යාලය ඉදිරිපිටදී ප්‍රහාරයකට මුහුණපෑමට සිදු වී ඇත.

විරෝධතා ආවරණය කරන මාධ්‍යවේදීන් සහ ඔවුන්ගේ කැමරා උපකරණ ඉලක්ක කොට ආරක්ෂක අංශ මගින් ජල ප්‍රහාර ඇතුළු ප්‍රහාර එල්ල කිරීම දිගින්-දිගටම දැකිය හැකි විය.

ගෝල්ෆේස් අරගලයෙන් පසු ආරක්ෂක අංශ ආරම්භ කළ මේ ක්‍රියාවලිය නිසා ඇතැම් මාධ්‍යවේදීන් විරෝධතා ආවරණයේදී තරමක් පසුපසට යන්නට ද කටයුතු කළ අවස්ථා විය. දුර සිට ගත හැකි කැමරාවක් තබාගෙන ළඟට යෑමෙන් ඵලක් නැතුවා මෙන්ම, ළඟට ගොස් හෝ ආසන්නයේ සිට ගත යුතු දර්ශන හෝ ඡායාරූප සඳහා දුර සිටීමෙන් ද ඵලක් වන්නේ නැත.

සෑහීමට පත්විය හැකි පරිදි සිය රාජකාරිය ඉටුකිරීමත්, තමන්ගේ මුදලින් අමාරුවෙන් ගත් මාධ්‍ය උපකරණ ආරක්ෂා කරගැනීමත් යන කරුණු දෙක ගත් විට, නිරායාසයෙන් ම කැමරා උපකරණ ගැන හිතන්නට සිදු වේ. එය මාධ්‍ය කර්මාන්තයට පොදු ගැටළුවකි.

මේ හරහා ආණ්ඩුව ආරක්ෂක අංශ මගින් සිදුකරන්නේ මර්දනයේ ම්ලේච්ඡත්වය සැඟවීමට උත්සාහ කිරීම ය.

ජනතාවගේ තොරතුරු දැනගැනීමේ අයිතියට එල්ල කරනු ලබන මෙම බලපෑමට එරෙහිව මාධ්‍ය සංවිධාන සහ ක්‍රියාකාරීන් එක්විය යුතුය.

ආණ්ඩුවත් මතක තබාගත යුත්තේ මේ රනිල්ගේ බටලන්ද කාලය නොවන බවයි. දියුණු උපකරණ මගින් ඔවුන්ගේ ම්ලේච්ඡත්වය දිනෙන්-දින අනාවරණය වෙමින් පවතී.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?