Latestදේශීය

සෞඛ්‍ය වෘත්තීය සමිති අද (08) වෘත්තීය ක්‍රියාමාර්ගයක

රජයේ නව බදු ප්‍රතිපත්තිය හකුලා ගැනීම ඇතුළු ඉල්ලීම් 9ක් මුල් කරගනිමින් (08) පෙරවරුවේ සිට පැය 24ක සංකේතාත්මක වෘත්තීය ක්‍රියාමාර්ගයක නිරතවීමට සෞඛ්‍ය වෘත්තීය සමිති තීරණය කර තිබේ.

එමෙන්ම රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමය ඇතුළු වෘත්තිය සංගම් රැසක්ද ඉදිරි දින කිහිපය තුළ වෘත්තිය ක්‍රියාමාර්ගවල නිරත වන බව සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ විද්වත් සංගමයේ සභාපති රවී කුමුදේෂ් මාධ්‍යට අදහස් දක්වමින් ප්‍රකාශ කර තිබේ.

වැඩිදුරටත් අදහස් දක්වමින් ඔහු සඳහන් කලේ “සෞඛ්‍ය ලේකම් චක්‍රලේකයක් නිකුත් කරලා තියෙනවා උපයපු වැටුපෙන් 15%ක් කපන්න. හැබැයි ජනාධිපතිවරයාගේ චක්‍රලේකයේ තියෙන්නේ 15%ක් ඉතුරු කරන්න. මේවා ගැන කතා කරලා තියෙනවා. උත්තරයක් නැහැ. ඒ නිසා අපිට සිදුවෙලා තියෙනවා හෙට උදේ 8ට වෘත්තියම කණ්ඩායමත් උදේ 6.30ට කණිෂ්ට කාර්යමණ්ඩලයත් වෘත්තීය ක්‍රියාමාර්ගය ආරම්භ කරනවා. මේක පැය 24ක් සංකේතාත්මකව ක්‍රියාත්මක වෙනවා.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?