Latestදේශීය

තවත් ඖෂධ වර්ග රැසක් ලැබීමට නියමිතයි-සෞඛ්‍ය අමාත්‍ය

මෙරට රෝහල්වලට අවශ්‍යව තිබූ ඖෂධ වර්ග 151න් ඖෂධ 83ක් පෙරේදා දිනය වන විට ලබා ගැනීමට හැකියාව ලැබුණ බවත්, ඉදිරි සති දෙක තුන තුළ තවත් ඖෂධ වර්ග රැසක් ලැබීමට නියමිත බවත් සෞඛ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා අද(10) පාර්ලිමේන්තුවේ දී සඳහන් කළේය.

රටේ ඖෂධ හිඟයක් ඇති බවට විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා කළ ප්‍රකාශයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව සඳහන් කළේය.

විපක්ෂ නායනවරයා කරගෙන ගිය ‘‘හුස්ම ‘ වැඩසටහනෙන් ඉහළ සහයෝගයක් ලැබුණ බව පෙන්වා දුන් සෞඛ්‍ය අමාත්‍යවරයා ඒ පිළිබඳව සිය ස්තුතිය පුද කර සිටියේය.

 රෝහල් වල කිසිදු අත්‍යවශ්‍ය සැත්කමක් කල් දමා නැති බවට තමා වගකීමෙන් යුතුව ප්‍රකාශ කරන බවත් කල් දැමිය හැකි සැත්කම් පමණක් කෙටි කාලයකට කල් දමා ඇති බවත් රඹුක්වැල්ල මහතා පැවැසීය.

සෞඛ්‍ය ක්ෂේත්‍රයට ලබා දිය හැකි උපරිම සහය ලබා දීමට මුදල් අමාත්‍යංශය කටයුතු කරන බවද හෙතෙම පෙන්වා දුන්නේය.

වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා පෙන්වා දුන්නේ, ඉන්දියානු ණය ක්‍රමය යටතේ ඖෂධ දුන්නත්, එය අපි උඩින් දකින තරම් පහසු ක්‍රියාවළියක් නොවන බවයි.

ඉන්දියානු රුපියල්වලින් ගෙවන කොට එහි නිෂ්පාදකයා එය බාරගන්න අකමැත්තකින් කාලයක් ගියා. ඇණවුමක් සහතික කරාට පස්සේ සති තුනක් හෝ හතරක් නිෂ්පාදනය කිරීමේ ක්‍රියාවළියට යනවා. ඒ නිසා ණය ලැබුණ ගමන් ගිහින් ගන්න පුළුවන් කියලා හිතනව නම් එය පහසු නැහැ. වෙළෙඳ අමාත්‍යාංශයෙන් භාණ්ඩයක් ඇණවුම් කරනව වගේ ලේසි නැහැ යැයි ද අමාත්‍යවරයා පැවසීය

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?