Latestදේශීය

පියල් මාරසිංහ පර්යේෂණ හා ව්‍යාප්ති සේවා ජාතික ඔසු උයන 

දේශීය වෛද්‍ය ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් කෘෂි විද්‍යාඥ මහාචාර්ය දිවංගත පියල් මාරසිංහ මහතා විසින් සිදු කළ සේවය අගයමින් ආයුර්වේද දෙපාර්තමේන්තුවට අයත් හල්දුම්මුල්ල පර්යේෂණ හා ව්‍යාප්ති සේවා ජාතික ඔසු උයන පියල් මාරසිංහ පර්යේෂණ හා ව්‍යාප්ති සේවා ජාතික ඔසු උයන ලෙස නම් කිරීම දේශීය වෛද්‍ය රාජ්‍ය අමාත්‍ය නීතිඥ සිසිර ජයකොඩි මැතිතුමන්ගේ ප්‍රධානත්වයෙන් පසුගිය (11) දින සිදු කෙරිණ.

සොබාදහම, ගැමි පරිසරය සහ වෛද්‍යවරුන් සමග එක්ව කටයුතු කළ සොඳුරු චරිතයක් වන මහාචාර්ය පියල් මාරසිංහයන් ගහකොළ, කුරුල්ලන්ට, සමනලුන්ට ආදරය කළ පරිසරවේදියෙකු මෙන්ම රතු දත්ත පොතේ ඇතුළත් බිං කොහොඹ ඇතුළු ඒකදේශීය ශාකයන් වගා කරමින් රැක ගැනීමට ඉමහත් කැප කිරීම් කළ කෘෂි විද්‍යාඥයෙකු වනු ලබයි.

දශක ගණනක් ආයුර්වේද ක්ෂේත්‍රයේ දියුණුව වෙනුවෙන් සේවය කළ ඒ මහතා විශ්‍රාම යෑමෙන් පසුවද සිය වටිනා කාලය, ධනය, ශ්‍රමය කැප කරමින් දේශීය වෛදඨ ක්ෂේත්‍රයේ උන්නතිය වෙනුවෙන් සිය දැනුම සහ අත්දැකීම් ආයුර්වේද වෛද්‍යවරුන්ට පමණක් නොව සමස්ත ලක්වාසී ජනතාවට නොමසුරුව ලබා දුන් නිරහංකාර, සරල විද්‍යාර්ථයෙක් විය. ඒ මහතා හල්දුම්මුල්ල ඔසු උයන නිර්මාණ අවදියේදී එහි සේවයට කැප වූ නිලධාරියෙක් වන්නා සේම එහි සංවර්ධනය වෙනුවෙන් කැප වූ ශ්‍රේෂ්ඨ කෘෂි විද්‍යාඥයෙකු වනු ලබයි.

ඒ මහතා සිදු කළ සේවය අගයමින් පියල් මාරසිංහ පර්යේෂණ හා ව්‍යාප්ති සේවා ජාතික ඔසු උයන ලෙස නම් කිරීමේ මෙම වැඩසටහන සඳහා සෞඛ්‍ය අමාත්‍යාංශයේ, දේශීය වෛද්‍ය අංශයේ අතිරේක ලේකම් (පාලන) ගීතාමනී කරුණාරත්න, අතිරේක ලේකම් (සංවර්ධන) චන්දන තිලකරත්න, නියෝජ්‍ය ආයුර්වේද කොමසාරිස් කේ.වී. අතුල, ආයුර්වේද වෛද්‍ය සභාවේ ලේඛකාධිකාරි වෛද්‍ය අජිත් කුමාර යන මහත්ම මහත්මීන් ඇතුළු වෛද්‍යවරුන්, රාජ්‍ය නිලධාරීන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?