Latestදේශීය

ජල සම්පාදනය වැඩ වර්ජනයක

ජල සම්පාදන සහ ජලාපවහන මණ්ඩලයේ සේවකයින් විසින් ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් වැඩවර්ජනයක් ආරම්භ කර තිබේ.

අද පෙරවරු 9.00 සිට පස්වරු 5.00 දක්වා දිවයින පුරා සියලු කාර්යාල සහ වැඩබිම්වල සේවකයින් මෙම වැඩවර්ජනය සදහා සහභාගි වන බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක මාධ්‍යට සඳහන් කර තිබේ.

වැඩවර්ජනයට සමගාමීව අද දහවල් 12.00ට පැලවත්ත ජල සම්පාදන අමාත්‍යංශය ඉදිරිපිට විරෝධතා ව්‍යාපාරයක් පැවැත්වීමට ද සැලසුම් කර ඇති බව ජල සම්පාදන වෘත්තීය සමිති ඒකාබද්ධ සන්ධානයේ කැඳවුම්කරු ඉංජිනේරු උපාලි රත්නායක වැඩිදුරටත් සඳහන් කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?