Latestදේශීය

බංකොලොත් කළ අයට රට ගොඩනැගිය හැකිද?

රට බංකොළොත් පිරිසට නැවත රට ගොඩනැගිය හැකිදැයි ගැටලුවක් ඇතැයි කොළඹ තරුණ බෞද්ධ සංගමයේ සභාපති මහේන්ද්‍ර ජයසේකර මහතා අවධාරණය කරයි.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය දී ඇත්තේ රට බංකොළොත් පිරිසටම නිසා ජනතාව අවදියෙන් සිටිය යුතු බවද ඔහු පෙන්වාදෙයි.

IMF ණය ලැබීම පිළිබඳව ජනතාව සතුටුවීම නොව සැනසුම් සුසුමක් හෙළිය යුතු බවත් එම ණය පීඩාවට පත්ව සිටින ජනතාවට හුස්ම ගැනීමට ලැබුණු අවස්ථාවක් බවත් සඳහන් කරයි.

පනත් සම්මත කිරීම සහ නව ආර්ථික ප්‍රතිපත්ති ගෙන ඒම වර්තමාන ආර්ථික අර්බුදයට විසඳුමක් නොවන බවත් 2003 වසරේ සම්මත කළ මූල්‍ය වගකීම සහතික කිරීමේ පනත වසර 20කට පසුව, එය සම්ම්ත කළ පිරිසට නැවත මතක් වී ඇති බවත් ඒ මහතා වැඩි දුරටත් පැවසීය.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන් ඊයේ (24) කොළඹදී පැවැත්වූ විශේෂ මාධ්‍ය හමුවකදීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?