Latestදේශීය

ගෝඨා වැරදි තීරණයක්, රනිල් නිවැරදි තීරණයක්

රනිල් වික‍්‍රමසිංහ මහතා රටේ ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කිරීමට සහ ආර්ථිකය ගොඩනැගීම සඳහා සුදුසුම නායකයා ලෙස සිය පක්ෂය විසින් තෝරාගත් බව ඇමතිනී පවිත‍්‍රා වන්නිආරච්චි මහත්මිය සදහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ බේරුවල ආසන කාන්තා සම්මේලනය අමතමින් ඇය මේ බව පැවසුවාය.

‘ඒ මොහොතෙ අපිට අවශ්‍ය වෙලා තිබුණේ ප්‍රජාතන්ත්‍රවාදය තහවුරු කරන්න සහ ආර්ථිකය නැවත ගොඩනගන්න. දෙදෙනෙක් ඉදිරිපත් වුණා. එක්කෙනෙක් අපේ පක්ෂයේම මන්ත්‍රීවරයෙක් ඩලස් අලහප්පෙරුම. අනෙක් කෙනා රනිල් වික්‍රමසිංහ මැතිතුමා. එතුමන් එක්ක අපිට දේශපාලන කෝන්තරයක් තිබුණා. නමුත් ඒ වෙලාවේ ජාත්‍යන්තරය සමග ගණුදෙනු කරන්න පුළුවන් නායකයා ඔහු බව අපි සාකච්ඡා කරලා තීරණය කළා. එදා අපි පක්ෂයක් විදිහට ගත්ත නිවැරදි තීන්දුවේ ප්‍රතිඵල අද ඔබට දකින්න පුළුවන්’

මේ අතර අද පොදුජන පෙරමුණේ බණ්ඩාරගම ප්‍රදේශයේ පැවති ජන හමුවක් අමතමින් ඇමතිනිය පැවසුවේ පැවති කිසිදිනක දේශපාලනය නොකළ ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂකයා ලෙස පත් කිරීම සිදුකරන ලද වරදක් බවත් මින්පසුව නැවතත් එවන් වරදක් කිසිදිනක නොකරන තීන්දුවකට පක්ෂය පැමිණි බවත්ය.

‘මම ඒක එදත් කිව්වා අදත් කියනවා. ඒ තමයි කිසිදා දේශපාලනය නොකරපු ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති අපේක්ෂක ලෙස පත් කිරීම’

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?