Latestදේශීය

ළමුන් අතර සීග්‍රයෙන් පැතිර යන ඉන්ෆ්ලුවන්සා

මේ දිනවල ළමුන් අතර වෛරස් හා ඊට සමාන ඉන්ෆ්ලුවෙන්සා රෝගී තත්වයක් පැතිරෙමින් ඇති බව අනාවරණය වී තිබේ.

අදාල වෛරස් රෝගයෙහි රෝග ලක්ෂණ ලෙස වෛද්‍යවරුන් පෙන්වා දෙන්නේ කැස්ස, සෙම්ප්‍රතිශ්‍යාව, වමනය සහ ඇස්වලින් කබ ගැලීම සහ බඩඑළිය යෑම වැනි රෝග ලක්ෂණ වන අතර ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා පවසන්නේ රෝග ලක්ෂණ තිබුනද සමහරක් දරුවන්ට ඉන්ෆ්ලුවන්සා රෝගය ආසාදනය වී නොතිබුනු බවයි.

ඒ පිළිබදව වැඩිදුරටත් පැහැදිලි කරන ළමා රෝග විශේෂඥ වෛද්‍ය දීපාල් පෙරේරා මහතා,

“කැස්ස කාලයක් තියෙනවා නම් ළමා හතියේ වැඩිවීමක් ද ? වෛරස් එක පසුකාලීනව ඇති වුණ කැස්සක් ද කියලා හොයලා බලන්න. ඊට අමතරව කාලයක් කැස්ස තියෙනවා නම්, එවැනි කැස්ස තියෙන වැඩිහිටියෝ ඉන්නවා නම් ක්ෂය රෝගය ගැන කල්පනාකාරී වෙන්න. විශේෂයෙන් සඳහන් කළ යුතුයි මේ දවස්වල දින තුනකට වඩා උණ තියෙනවා නම් ඉන්ෆ්ලුවන්සා හෝ ඊට සමාන වෛරස් උණක් එන්න පුළුවන්. එයට අප කළ යුත්තේ පැරසිටිමෝල් මාත්‍රාව අරගන්න. විවේකය ලබාදෙන්න. ගෙදරට වෙලා ඉන්න. දියර වර්ග ලබාදෙන්න. දින තුනකට වඩා උණ තියෙනවා නම් ඩෙංගු රෝගී පරීක්ෂාව සිදුකරන්න. හුස්ම ගැනීමට අපහසු නම් රෝහල්ගත වෙන්න. මාස්ක් පාවිච්චි කරන්න.”

@Lanka Truth


Discover more from cmn.lk

Subscribe to get the latest posts sent to your email.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *