Latestදේශීය

තෙල් සංස්ථාව වැනසූ ප්‍රේමදාස

ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවේ නිෂ්පාදන ධාරිතාවය බිඳවට්ටමින් විකුණා දැමීමේ දිශාවට ආරම්භක පියවර තබා ඇති අතර 1990 පෙබරවාරි සිටි 1993 ජූනි දක්වා රාජ්‍ය ආයතන 19 විකුණා දමා ඇත්තේද ජනාධිපති රණසිංහ ප්‍රේමදාසගේ පාලන කාලය තුළ බව මහ බැංකු වාර්තා අනුව අනාවරණය වේ.

වසර 1989 වනවිට ලංකා ඛනිජතෙල් නීතිගත සංස්ථාවට අයත් පිරිපහදුවේ ධාරිතාවය මෙට්‍රික් ටොන් 2,244,000 වී තිබී ඇත. 1990 දීද එම පිරිපහදු ධාරිතාවම තිබී ඇති අතර 1991 වනවිට එම ධාරිතාවය මෙට්‍රික් ටොන් 2,486,096ක් දක්වා තවත් ඉහළ නැග තිබේ. නමුත් 1992 වනවිට එම ධාරිතාවය මෙට්‍රික් ටොන් 1,422,800 දක්වා බිඳවැටී තිබිණි. එය මෙට්‍රික් ටොන් 1,063,296ක නිෂ්පාදන ධාරිතාවයේ බිඳවැටීමකි. නැවත 1994 වනවිට එම ධාරිථාවය මෙට්‍රික් ටොන් 2,029,300 දක්වා පමණක් වර්ධනය වී ඇත.

නැවත කිසිම වසරක එම ධාරිතාවය මෙට්‍රික් ටොන් 2,029,300 ඉක්මවා යන තරම් වර්ධනය කර නැත. මෙම තත්වයට බිඳවැටී ඇත්තේ 1989දී මෙට්‍රික් ටොන් 2,244,000ක් වූ පිරිපහදුවේ ධාරිතාවය වේ. එය මෙට්‍රික් ටොන් 2,486,096ක් දක්වා වර්ධනය කළද දිගින් දිගටම පැවති පාලනයන් ඛනිජතෙල් නීතිගත සංස්ථාව විකුණා දැමීමේ අරමුණෙන් ක්‍රියා කර තිබිණි.

මහින්ද රාජපක්ෂගේ පළමු පාලන සමයේදී තෙල් පිරිපහදු ධාරිතාවය විශාල වශයෙන් ඉහළ නන්වාගැනීමේ ප්‍රතිසංස්කරණ සඳහා එවකට සිටි ඉරාණ ජනාධිපතිවරයා සමග 2007දී ගිවිසුමට පවා එළඹී තිබිණි. නමුත් එය ක්‍රියාත්මක නොකොට මේ වනවිට ඉතාම බංකොලොත් තත්වයට බිඳහෙළීමේ ක්‍රියාමාර්ග පැවති සෑම ආණ්ඩුවක් විසින්ම අනුගමනය කරනු ලැබීය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?