Latestදේශීය

තවත් 250ක් ජොර්දානයේ අසරණව

ජෝර්දානයේ ඇඟලුම් කම්හලක සේවයේ නියුතු ශ්‍රී ලාංකිකයින් පිරිසක්, තමන් යළි දිවයිනට ගෙන්වා ගැනීමට මැදිහත් වන ලෙස රජයට බලකරමින් විරෝධතාවක නිරත ව තිබේ.

ඔවුන් පවසන්නේ, තමන්ට ජෝර්දානයේ රැඳී සිටීමට වීසා පවා නොමැති බවයි.

අවම පහසුකම් පවා නොමැතිව තමන් බලයෙන් රඳවාගෙන සේවය ලබාගන්නා බවට චෝදනා කරමින් ඇඟලුම් රැකියා සඳහා ජෝර්දානයට ගිය ශ්‍රී ලාංකිකයින් 250කට වැඩි පිරිසක් මෙසේ විරෝධතාවක නිරත ව ඇත.

ඔවුන් වැඩිදුරටත් පවසන්නේ, තමන් සේවයේ නියුතු අසිල් යුනිවර්සල් නම් මෙම ඇඟලුම් කම්හලේ බලධාරීන් තමන්ට හිමි වැටුප් ලබා නොදෙමින්, ආපසු ශ්‍රී ලංකාවට පැමිණීමට ද ඉඩ ලබා නොදෙන බවයි.

ඔවුන් මෙරට රජයෙන් ඉල්ලා සිටින්නේ, තමන්ට නිසි වැටුප් ලබා දී ආපසු මෙරටට පැමීණීමට අවස්ථාව ලබාදීමට මැදිහත් වන ලෙසයි.

තමන් වසර කිහිපයක් තිස්සේ ජෝර්දානයේ රැඳී සිටි බවත් ඉන් බොහෝ පිරිසකගේ වීසා අවසන් ව ඇති බවත් ඔවුහූ පෙන්වා දෙයි.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?