Latestදේශීය

රට තවත් දරුණු අතට

රට බංකොලොත් භාවයෙන් මුදවා ඇති බව රනිල් වික්‍රමසිංහ ප්‍රකාශ කරන අතර මහ බැංකු අධිපති ආචාර්ය අජිත් නන්දලාල්ද ආර්ථිකය ක්‍රමයෙන් යතා තත්වයට පත් කිරීමේ මාර්ගයට ගෙන ඇති බව ප්‍රකාශ කළද තත්වය තවත් දරුණු වී ඇති බව අනාවරණය වේ.

ශ්‍රී ලංකා මහ බැංකුව නිකුත් කරන සතිපතා ආර්ථික දත්ත විශ්ලේෂණය අනුව හෙළි වන්නේ පසුගිය පෙබරවාරි මාසයේදී කාර්මික නිෂ්පාදක දර්ශකය 2022 එම මාසයට වඩා 16.9%කින් බිඳවැටී ඇති බවය. 2022 පෙබරවාරි මාසයේදී කාර්මික නිෂ්පාදක දර්ශකය ඒකක 101.2ක් වී තිබූ අතර 2023 පෙබරවාරියේදී එය ඒකක 84.1 දක්වා බිඳවැටී ඇත.

ඊට අමතරව කෘෂිකර්මාන්තයේ බිඳවැටීමද වඩා දරුණු වී තිබේ. 2022 ජනවාරියේදී තේ නිෂ්පාදනය කිලෝ ග්‍රෑම් මිලියන 22.9 සිට 2023 ජනවාරියේදී කිලෝ ග්‍රෑම් මිලියන 19.1 දක්වා 16.3%කින් බිඳවැටී ඇත. රබර් නිෂ්පාදනය 2022 ජනවාරියේදී කිලෝ ග්‍රෑම් මිලියන 7.0 සිට මෙම වසරේ ජනවාරියේදී එය 6.5 දක්වා පහත වැටි ඇත. එය 7.7%කින් බිඳවැටීමකි.

පොල් නිෂ්පාදනයද 2022 ජනවාරියේදී ගෙඩි මිලියන 259.8 සිට මෙම වසරේ ජනවාරියේදී ගෙඩි මිලියන 256.8 දක්වා 1.1%කින් බිඳවැටී තිබේ.

මහ බැංකු අධිපතිවරයා පුන පුනා ප්‍රකාශ කරන ආකාරයට ආර්ථිකය කඩා වැටීම නතර කිරීමක් සිදු වී නොමැති බව මේ අනුව පැහැදිලි වේ. ආර්ථික විශේෂඥයන් පෙන්වා දෙන්නේ මහ බැංකු අධිපතිවරයා මූල්‍යවාදී ප්‍රතිසංස්කරණ ගැන පමණක් අවධානය යොමු කර ආර්ථිකය කඩා වැටීම පාලනය කර ඇති බවට උදම් අනමින් නිවේදන නිකුත්කරණ බවයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?