Latestදේශීය

ජැක්සන් ගැන සෝමරත්න කියන කතාව ඇත්තක් ද?

හදිසි අනතුරකට ලක්ව කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටින ප්‍රවීණ කලාකරු ජැක්සන් ඇන්තනී මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් එල්ල වන චෝදනා ගැන ගැඹුරු සායනික පරීක්ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය කාරණාවක් වී ඇතැයි සෞඛ්‍ය වෘත්තීයවේදින්ගේ සංගමයේ සභාපති රවි කුමුදේශ් මහතා සඳහන් කරයි.

ජැක්සන් ඇන්තනී මහතාගේ පාර්ශ්වය වෙනුවෙන් ප‍්‍රවීණ සිනමාවේදී සෝමරත්න දිසානායක මහතා විසින් බරපතළ චෝදනාවක් එල්ල කර ඇති බවත් එය සෞඛ්‍ය පද්ධතියේ උන්නතිය වෙනුවෙන් වැඩි බරක් තබා විභාගයට ගත යුතු බවත් හෙතෙම කියා සිටී.

අනතුරින් පසු ජැක්සන් ඇන්තනි මහතාට සිදුකළ පළමු සැත්කමෙන් අනතුරුව තමන් හා කතා කළ බවත් ඉන් පසුව කල දෙවැනි ශල්‍යකර්මයෙන් නිසා ඔහු ආබාධයක් පැමිණි බවටත් එල්ල කරන චෝදනාව බරපතළ එකක් බවත් හෙතෙම පවසයි.

මෙම පැමිණිල්ල සම්බන්ධයෙන් නිසි විමර්ශනයක් සිදුකළ විට සත්‍යතාවය හෙළි කරගත හැකි වන බව ද හෙතෙම පවසයි.

ජැක්සන් ඇන්තනී මහතාගේ සිදුවීම සම්බන්ධයෙන් සමාජ ජාල වල ඕපාදූප සාකච්ඡා වීම වැළැක්වීම සඳහා සෞඛ්‍ය වෘත්තිකයන් ලෙස නිසි තොරතුරු සමාජගත කිරීම මේ මොහොතේ කළ යුතුව ඇති බව ද හෙතෙම තවදුරටත් කියා සිටියේය.

ඔහු මෙම අදහස් පළ කර ඇති අන්තර්ජාල නාලිකාවක සාකච්ඡාවකට එක්වෙමිනි.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?