Latestදේශීය

“සුවයට අරුණක්” දිවයින පුරා

සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් ග්‍රාමීය ජනතාවගේ සෞඛ්‍ය තත්ත්වයන් ඉහළ නැංවීම අරමුණූ කර ගනිමින් “සුවයට අරුණක්” ජංගම සෞඛ්‍ය වෛද්‍ය සායන දිවයින පුරා ක්‍රියාවට නංවනු ලැබේ.එහි තවත් එක් ජංගම සෞඛ්‍ය වෛද්‍ය සායන වැඩසටහනක් පසුගියදා මාතලේ දිස්ත්‍රික්කයේ ගලේවෙල බුලනවැව, දේවහුව බෝධිරුක්ඛාරාම විහාරස්ථාන පරිශ්‍රයේ දී විශාල ජනතා සහභාගීත්වයකින් සාර්ථකව පැවැත්විණි.සෞඛ්‍ය අමාත්‍ය ආචාර්ය කෙහෙලිය රඹුක්වැල්ල මහතාගේ උපදෙස් පරිදි සෞඛ්‍ය අමාත්‍යාංශය විසින් පවත්නු ලැබූ මෙම ජංගම වෛද්‍ය සායනයෙන් ප්‍රතිකාර සේවාවන් ලබාගැනිම සදහා බුලනවැව, මකුළුගස්වැව, කිවුලේඇල, පංගල, බේලියකන්ද, මොරගොල්ල, දමුණුමුල්ල, ගලේවල, දිග්ගල ආදී අවට ප්‍රදේශවල දහසකට අධික ජනතාවක් එක්ව සීටිම විශේෂත්වයක් විය.

මෙම “සුවයට අරුණක්” ජංගම වෛද්‍ය සායනය තුලින් ජංගම රසායානාගාර සේවා, දන්ත වෛද්‍ය සායනය, අක්ෂි සායනය, රුධීරයේ සීනි මට්ටම පරික්ෂාව, රුධිරයේ මේද මට්ටම පරීක්ෂාව, ශරීර ස්කන්ද දේහ දර්ශකය මැනිම, රුධිර පිඩනය මැනීම, සුවනාරි සායනය, ආයුර්වේද සායනය සහ වකුගඩු සායනය ඇතුළු සෞඛ්‍ය සේවා දිනය පුරා පැවැත්විණි.මෙහිදි අදහස් දැක් වු සෞඛ්‍ය අමාතාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන් දිනිප්‍රිය මහතා කියා සිටියේ රජය විසින් අසීරු කාලවකවානුවක් තුළ වුව ද දුෂ්කර ප්‍රදේශවල ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂණය වෙනුවෙන් මෙවැනි වැඩසටහන් නොඩකඩා ක්‍රියාත්මක කරන බවයි. නොමිලේ පවත්වනු ලබන මෙවැනි වැඩසටහන් වලට සම්බන්ධ වී එම වැඩසටහන් තුළින් උපරිම ප්‍රතිඵල ලබාගැනීමට කටයුතු කිරිම ජනතාවගේ වගකීමක් බව ද පැවසීය. රෝග කල්තියා හදුනා ගැනීම, ප්‍රතිකාර සේවා ලබාදීම, වැඩිදුර ප්‍රතිකාර සදහා යොමු කිරිම සහ රෝගීන්ට අවශ්‍ය වෛද්‍ය උපදෙස් ලබාදිම ද මෙම ජංගම වෛද්‍ය සායන තුළින් සිදු කරන බව ද වැඩිදුරටත් පැවැසීය.

ප්‍රතිකාර සේවාවන් ලබාගැනීම සදහා පැමිණ සිටි ජනතාව කියා සිටියේ තම ප්‍රදේශයේ ඉතාමත්ම දීර්ඝ කාලයකට පසුව මෙවැනි සෞඛ්‍ය වැඩසටහනක් පැවැති බවත්, එම වැඩසටහන සමග සම්බන්ධ වී ප්‍රතිකාර සේවා ලබාගත්තා සේම රෝගවලින් ආරක්ෂාවීම සහ මුල් කාලයේම රෝග හදුනාගෙන ප්‍රතිකාර සදහා යොමුවීමේ වැදගත්කම පිළිබද අතිවිශාල දැනුමක්ද ලබාගත් බවයි.

මෙම අවස්ථාවට බුලනවැව බෝධිරුක්ඛාරාම විහාරස්ථානයේ විහාරාධිපති අලව්වේ චන්ද්‍රරතන නාහිමි, සෞඛ්‍ය අමාතාංශයේ නියෝජ්‍ය අධ්‍යක්ෂ ජනරාල් එච්.එම්.එන් දිනිප්‍රිය, ඡ්‍යෙෂ්ඨ සහකාර ලේකම් (ප්‍රවෘත්ති හා ප්‍රචාරණ) යු.ඒ.එච්.එස් සිසිර කුමාර, ගලේවෙල ප්‍රාදේශීය ලේකම් කසුන් ආරියරත්න සහකාර ප්‍රාදේශීය ලේකම් අසංක රාජපක්ෂ මහතා ඇතුලු සෞඛ්‍ය අංශ නියෝනය කරමින් විශේෂඥ වෛද්‍ය, වෛද්‍ය, හෙද ඇතුලු සෞඛ්‍ය කාර්යමණ්ඩල රැසක් ද එක්ව සිටියහ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?