Latestදේශීය

ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අභාවප්‍රාප්ත වේ

ප්‍රවීණ ගායන ශිල්පී ක්‍රිස්ටෝපර් පෝල් මහතා අද(18) අභාවප්‍රාප්ත වේ.මිය යන විට ඒ මහතා 87වැනි වියෙහි පසු විය.  

ඒ මහතා උපත ලැබුවේ 1936 වසරේ අප්‍රේල් මස 10 වැනිදායි.ඒ මොරටුව, සුදුවැල්ල ප්‍රදේශයේදීයි.

1955 වසරේදී එවකට සංගීත ලොවේ ප්‍රවීණයෙකු වූ සුනිල් ශාන්තයන්ගෙන් සංගීතය හැදෑරූ පෝල් මහතා 1958 වසරේදී “පේනා විලේ මැද ඕලු මලේ” නමැති සිය ප්‍රථම ගීතය ගැයුවේ ඔහුගේ සහෝදරිය වූ බර්නඩේත් පෝල් මහත්මිය සමගයි. ක්‍රිස්ටෝපර් පෝල් මහතා ගායනා කල ගීත අතරින් “හා මල් පිපෙන්නේ” ගීතය නිර්මාණය වන්නේ 1958 වසරේදීයි.

රුවන් තොරන් තනා,වතුර නාලා තෙත කොණ්ඩේ කඩා,ඇල දොළ ගංඟා යාවි ගලා, රාමා සීතා ඔබයි මමයි, රෝස මලක් දුටුවම, පෙම් ලෝකේ පුරා, මැණික මැණික මැණික, සුවිසල් මැඳුරක, විශ්වාසය නිදන් කෙරු සිතක් බිඳුණු පසු, සැමදාම මේ වෙලාවේ, රන් කිරුළේ, මේ කටුරොද ගම්මානේ හිනැහෙන්න හැමදාම වැනි අතිශය ජනප්‍රිය ගීත රැසකට ක්‍රිස්ටෝපර් පෝල් මහතා සිය හඬ දායකත්වය ලබා දුන්නේය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?