Latestදේශීය

මැයි 22 බිහිවන එක්සත් ජනරජ පෙරමුණ

ශ්‍රී ලංකාව 1972 බ්‍රිතාන්‍ය කිරීටයෙන් පූර්ණ වශයෙන් මිදී නිදහස් ‘ජනරජයක්’ බවට පත් ව දැන් අඩ සියවසක් ගෙවී අවසන් ය. නමුත් අප තවමත් ජනරජයක් බවට පත් කිරීමට කිසිදු පාලන කණ්ඩායමක් සමත් ව නැත.

අප රටට අද අවශ්‍ය ව ඇත්තේ ජනතාවගේ සාමූහික ප්‍රයත්නයකින් රට ගොඩ ගෙන, ගොඩ නගන, කුසලතාව භාවිත කරන ප්‍රායෝගික වැඩපිළිවෙලකි. ක්‍රම වෙනසකි.

2023 මැයි 22 (ජනරජ දිනයේ) එළි දකින ‘එක්සත් ජනරජ පෙරමුණ’ එවන් වැඩපිළිවෙලක් මත පදනම් ව ශ්‍රී ලංකාව ගොඩ ගෙන, ගොඩ නගා, රටට ආර්ථික, රාජ්‍ය තාන්ත්‍රික, ප්‍රජාතාන්ත්‍රික නිදහසත්, ජාතික සමගිය, ඒකාග්‍රතාව හා සමානාත්මතාව ලබා දීමට නියමිත ය.

HOPE – M නම් වූ පංචවිධ වටිනාකම් සහ පංචවිධ ප්‍රතිපත්ති මත පදනම් ව එක්සත් ජනරජ පෙරමුණ කටයුතු කරයි.

අවංක බව, විවෘත බව, ප්‍රායෝගිකත්වය, සහකම්පනය, කුසලතාවාදය, නම් ඒ වටිනාකම් පහ යි.

ආර්ථික සමෘද්ධිය, තිරසාර සංවර්ධනය, ස්ථාවර ප්‍රජාතන්ත්‍රවාදී රාජ්‍යය, සමාජ සාධාරණත්වය, සම මිතුරු විදේශ ප්‍රතිපත්තිය ඒ පංච විධ ප්‍රතිපත්තීන් ය.

සෞභාග්‍යමත් ජනරජයක, සාඩම්බර පුරවැසියන් ලෙස දිවි ගෙවීම සඳහා විවිධ දේශපාලන, පක්ෂ, පාට, පුද්ගලයන් වෙත බලය ලබා දීමෙන් ඵලක් නොමැති බව පැහැදිලි ය.

එවන් මහා යුග පෙරළියක් සිදු කිරීමේ ශක්‍යතාවකින් යුත්, විවේචනය හා උපදෙස්වලින් ඔබ්බට ගොස් පවතින පාලන ක්‍රමය වෙනස් කිරීම සඳහා ඉදිරිගාමී, පළපුරුද්ද සහ කළපුරුද්ද සහිත දැක්මක්, දැනුමක්, විචාර බුද්ධියක් සහිත, රටට ම පිළිගත හැකි නායකයෙක් ‘ජනරජ පෙරමුණ’ සතු ව සිටී.

ශ්‍රී ලංකාව සැබෑ ‘ජනරජයක්’ බවට පත් කිරීමට ඉහත කී පංචවිධ වටිනාකම් සහ ප්‍රතිපත්ති මත පදනම් වූ ‘ජනරජ පෙරමුණ’ නම් වේදිකාව ඔබ වෙනුවෙනි.

එම පක්ෂයේ බලය දැනුමෙන්, කුසලතාවයෙන්, පළපුරුද්දෙන් සන්නද්ධ ඔබ විසින් භාර ගත යුතු ව ඇත.

ඔබත් ඒ ගමනේ සක්‍රිය හවුල්කරුවකු වන්න..!

*එක්සත් ජනරජ පෙරමුණ*

ලෙෂාන් විදානගමාච්චි
මාධ්‍ය කළමණාකාර (43 සේනාංකය)
මාධ්‍ය ලේකම් (පා: ම පාඨලී චම්පික රණවක)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?