Latestදේශීය

චීනය දුන් භූමිතෙල් බෙදාහැරීම ඇරඹේ

 මෙරට ධීවර ජනතාව වෙනුවෙන් චින රජය මගින් පරිත්‍යග කළ භූමිතෙල් බෙදාහැරීම (23 වන දින) පානදුර ධීවර වරායේ දී ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා රාජ්‍ය අමාත්‍ය පියල් නිශාන්ත චීන තානපති කී.ෂෙන්හොංග් (Qi Zhenhong)යන මහත් වරුන්ගේ ප්‍රධනත්වයෙන් පැවැත්විණි.

මෙහිදී ලංකාව පුරා ධීවර ජනතාවගේ බෝට්ටු 27000 ක් සඳහා ඉන්ධන ලීටර් 150 බැගින් බෙදා දීම අද සිට දිවයින පුරා ඉන්ධන හල් 128 මගින් නොමිලේ බෙදා දීම ආරම්භ කරනු ඇත.

මේහිදි අදහස් දැක් වු ධීවර අමාත්‍ය ඩග්ලස් දේවානන්දා මහතා සදහන් කලේ චීනය අප රට සමග දිර්ඝ කාලයක් පවතින මිත්‍රත්වය හේතුකොටගෙන විශාල වශයෙන් ආධාර කරන බවත් එහි එක් ආධාරයක් ලෙස මෙරට බලපෑ ඉන්ධන අර්බුදය විසදීම සදහා ගොවි ජනතාවට හා ධීවර ජනතාවට නොමිලේ බෙදාදීම සඳහා ඩීසල් තෝගයක් ලැබුනු බවත් ධීවර ජනතාව වේත ලැබුන ඩීසල් තොගය භූමිතෙල් වලට මාරුකර සුලු පන්න ධිවරයන් සදහා මේ ආකාරයෙන් චීන තනාපති වරයාගේ ප්‍රධනත්වයෙන් බෙදා හැරීමට හැකිවීම සතුටට කරුණක් බවයි.

එසේම චීනයෙන් අපට ලැබුනේ ඩීසල් බවත් එම ඩීසල් භූමිතෙල් බවට හරවා ගැනීමට අතිගරු ජනාධිපතිතුමා සහ චීන තානාපති වරයා සමග සාකච්ඡා කොට සිදුකරගැනීමට තමන්ට හැකි වූ බවත් පැවසිය. මෙරට ධීවර ජනතාවට අධාර ලබා දිමට ඉදිරියේදීත් කටයුතු කරන ලෙසද ඉල්ලා සිටි අතර චීන රජය සමග ලංකා රජය දිගු කාලීන මිතු දමකින් බැඳී සිටින බවද ප්‍රකාශ කළේය.

තවදුරටත් අදහස් දැක්වූ අමාත්‍ය වරයා ලංකාවේ ධීවරයන් දිනකට භූමිතෙල් වෙනුවෙන් රුපියල් පන්දාහක් දහදාහක් අතර ප්‍රමාණයක් වියදම් කරන බවත් එම වියදම අවම කිරීම සඳහා විදුලි කෝෂ මගින් ක්‍රියාත්මක කරන බෝට්ටු එන්ජින් නිෂ්පාදනය කිරීමට ලංකාවේ පෞද්ගලික ඉංජිනේරු ආයතනයක් ආරම්භ කර ඇති බවත් ඒවා අද දින හඳුන්වා දීම සිදු වන බවත් ඒ සඳහා චීන තානාපති වරයා සම්බන්ධ වීම පිළිබඳව තමා සන්තෝෂ වන බවද ඒම විදුලි කොෂ එන්ජින් සදහා චීන රජයේ ආධාර මත වැඩි දියුණු කිරීමට ඇති හැකියාව පිළිබඳව සොයා බලා අවශ්‍යය සහයෝගය ලබා දෙන ලෙස තමන් චින තනාපති වරයාගෙන් ඉල්ලා සිටින බවද පැවසීය.

තවද පානදුර ධීවර වරාය තුළ චීන ව්‍යපාරිකයින්ට සංචාරක ක්ෂත්‍රය සඳහා ආයෝජනය කිරීමට ද උදව් උපකාර කරන ලෙසද පානදුර ධීවර වරාය සංචාරක පාරාදීසයක් බවට පත් කිරිමට චින ව්‍යපාරිකයන්ට එහි ආයේජනය කිරිමට අරාධනා කරන බවද අමාත්‍ය වරයා තව දුරටත් පැවසිය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?