Latestදේශීය

උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ගැන නිවේදනයක්

මාර්ගයේ සිදුවන අලුත්වැඩියා කටයුත්තක් හේතුවෙන් මේ වන විට උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය සිදුවන්නේ කොළඹ සිට අනුරාධපුරය දක්වා පමණයි.කෙසේ නමුත් මේ වන විට වාර්තා වන්නේ කොළඹ සිට කන්කසන්තුරේ දක්වා උතුරු දුම්රිය මාර්ගයේ දුම්රිය ධාවනය ජූලි මස 15වන දින වනවිට යළි ආරම්භ කිරීමට නියමිත බවයි.

අනුරාධපුරයේ සිට වව්නියාව දක්වා මාර්ගයේ අලුත්වැඩියා කටයුතු ලබන මස අවසන් කිරීමට මේ වන විට සැළසුම් කර තිබේ.

ඒ අනුව කොළඹ සිට යළිත් වරක් කන්කසන්තුරේ දක්වා දුම්රිය ධාවන කටයතු ආරම්භ කිරීමට හැකිවනු ඇති බව මහව – ඕමන්තේ දුම්රිය ව්‍යාපෘති අධ්‍යක්ෂක අශෝක මුණසිංහ මහතා සදහන් කරයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?