Latestදේශීයමතවාද

මීළඟ ජනපති වෙනුවෙන් බෙල්ල දුන් බෝන් අගේන් ජෙරම්

බෞද්ධ සිද්ධස්ථානයක හෝ දළදා පෙරහැර වගේ බෞද්ධ ආගමික වැඩක මහා විනාසයක් නුදුරේදී වෙන්න යනව. ඒ මහින්ද රාජපක්ෂ යලි නැගිට්ටවීමේ ව්‍යාපෘතිය යටතේ. ඒ සදහා මේ වෙනකොට ආගමික අන්තවාදය පෝෂණය කිරීම ආරම්භ වෙලා තියෙනව දකින්න පුළුවන්.

අඩේ. බොරු කියන්න එපා. සක්ෂි කෝ. උඹ ලංකාවෙත් නෑ. ඔහෙට වෙලා බොරු කියන්න එපා බං. මේ ටොබයියෝ, කතාව කියවන්න ගන්නකොටම හිතපු විදිහ. හරි. මෙන්න විස්තරය.

පාස්කු බෝම්බෙ දාන්න කලින් ලංකාවේ දැඩි මුස්ලිම් විරෝධයක් ගොඩනැගුවා. විල්පත්තුව කැපූ එවක අමාත්‍ය රිෂාඩ් බදියුදීන් තමයි මුස්ලිම් විරෝධාකල්ප මුල්ම බීජය වුණේ. පස්සේ ඒකට නැගෙනහිර මුස්ලිම් ව්‍යාප්තිය හා විල්පත්තුවේ නැවත පදිංචි කිරීම් මුස්ලිම් පමණි කියන ගානට පොහොර වැටුණා. අන්තිම හරියට එනකොට වද සැත්කම් ( දොස්තර සාෆි ) , වද කොත්තු හා වද ඇදුම් ඊට උඩගෙඩි දුන්නා. මුස්ලිම් කඩවල් වර්ජනය කරන්න කිව්ව මතකද ?

මෙහෙම ටිකෙන් ටික, ටිකෙන් ටික ගොඩ නගපු මුස්ලිම් විරෝධාකල්ප පුපුරා ගියේ ජනාධිපතිවරණය කට උඩ තියෙද්දි. ඒකට බෙල්ල දුන්නේ සහරාන් හෂිම් ප්‍රමුඛ කල්ලිය. හැබැයි මේක පිටිපසේ හිටිය සොනික් සොනික් කියන්නේ හමුදා බුද්ධි අංශය කියලයි කියන්නේ. මම නෙවෙයි ඔන්න ඒ ගැන ප්‍රසිද්ධියේ කිව්වේ. ඒ කරපු ප්‍රකාශ වැරදියි, “ අපේ හමුදාව තමයි ලෝකේ හොදම´´ කියන්න එක රාජපක්ෂ සට්ටැබියෙක් නැතිවුණ එකනේ වැඩේ.

මේ ගැන ප්‍රකාශය උපුටා දැක්වීම පහළින්.

කොළඹ අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණෝ 2023 අප්‍රේල් 21 වනදා අවධාරණය කළ කරුණු…

”හමුදා බුද්ධි අංශය සහ සහරාන් හෂිම්ගේ ත්‍රස්ත කණ්ඩායම් අතර කලක සිට පැවති ගනුදෙනු මොනවාදැයි සොයා බැලීමට කිසිවෙකු කටයුතු කළේදැයි අපි ප්‍රශ්න කර සිටිනවා. ”

”දෙහිවල බෝම්බය පුපුරවා ගත ජමීල් ගැන බුද්ධි අංශ හොඳටම දැනගෙන හිටියා. හමුදා බුද්ධි අංශ ඔහුට බෝම්බයක් පුපුරාගෙන සිය දිවි හානි කර ගන්න ඉඩ දුන්නේ ඇයිදැයි අපිට ප්‍රශ්නයක් නැගෙනවා. එලෙසම එය ඔහු පුපුරා ගත්තා ද නැත්තනම් යමෙකු දුරස්ථ පාලකයකින් එය පිපිරෙව්වාදැයි අපිට ප්‍රශ්න කළ හැක. මේ තැනැත්තා සිය දිවි හානිකර ගැනීම තුළ බුද්ධි අංශ තමන් හා ජමීල් මෙන්ම ඔහුගේ කණ්ඩායම අතර තිබුණු ගනුදෙනු පිළිබඳව තොරතුරු සදහටම මකා දැමීමට ඉඩ දුන්නා නොවේදෝ දැයි, අපිට සැකයක් තිබේ.” යනුවෙන් කාදිනල් හිමියෝ පැවසූහ.
උපුටා ගැනීම අවසන්.

පාස්කු බෝම්බෙන් පස්සේ රාජපක්ෂ උන්මාදයක් හැදුනා. ඒ වෙනුවෙන් ඇමරිකාවෙන් ආනයනය වුණ ගෝඨාභය රාජපක්ෂ රටේ ජාතික ආරක්ෂාව සහතික කරන්න ජනාධිපති අපේක්ෂක වුණා. ඔහු අති බහුතර විචාර බුද්ධිය ශූන්‍ය මහ ජනතාවගේ වීරයා ලෙස ජනාධිපති පුටුවේ ඉඳ ගත්තා.

බුදු හාමුදුරුවෝ දේශනා කළේ වපුරන දේ නෙලාගන්න වෙනව කියලා. ඉතින් අති බහුතරය කම්බ හොරෙක්ට රජකම දීමේ ප්‍රතිවිපාක අදටත් බුක්ති විදිනවා. මිනිස්සු එකා දෙන්නා පෝලිම්වල මැරී වැටුනා ඔබට මතකද ? ඒ නිකම් නෙවෙයි. රටම බංකොලොත් වෙලා. ඉතින් ගෝඨාභයට උන් හිටිතැන් නැතුව රටෙන් පැනල යන්න වුණා. පාස්කුවේ සාපය කියල මේකට සමහරු කිව්වේ. දිට්ඨධම්ම වේදනීය කර්මය වෙන්නත් පුළුවන්.

ඉතින් ඒ දක්වා ආවේ, රිෂාඩ් බදියුදීන් විල්පත්තුව කපල පටන් ගත්ත එක කියල තේරෙනව නම් ඔබ නුවණක්කාරයි.

ඒ පිටපතම කුජීත වෙලා ඉන්න රාජපක්ෂලා වෙනුවෙන් යලි ලියවෙන්න අරන්. මේපාර වැඩේ ක්‍රිස්තියානි මූලධර්මවාදීන් එක්ක ගැටගැහිල. ඉතින් ඒකට උදේ පාන්දර බෙල්ල තියල තියෙන්නේ බෝන් අගේන් නිර්මාතෘ ලෙස පෙනී ඉන්න ෆාස්ට ඡෙරම් ෆනෑන්ඩු.
මෙහි අතීත කතාව මෙතනින්..
https://rb.gy/iyiue

ජෙරම් ක්‍රිකට් කෑව කියල පටන් ගත්ත එක පසුගියදා බෞද්ධ විරෝධයක් එක්ක යලි මතුවෙලා. ඒකට රාජපක්ෂ නිකායේ මයික් කන්නලාගේ කතා පසුගිය දවස්වල උණු කැවුම් වගේ විකිණුනා.

ඒ ගැන ලියපු අතීත කතාව මෙන්න..
https://rb.gy/jcnj2

අත්තිවාරම නිමයි. දැන් ගේ හදන්න තියෙන්නේ. අන්තිමට රාජපක්ෂ කෙනෙක්ට ඇවිත් පදිංචි වෙන්න. නෑ. මේ පාර එහෙම එන්න රාජපක්ෂ පවුලේ කෙනෙක් නෑ. හැබැයි සත් ගුණවත් රාජපක්ෂ සට්ටැබියෙක් ඉන්නව. ඒ වත්මන් වැඩබලන ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී වෙන්න බැරි නෑ.

මෙහි අතීත කතාව බලන්න.
https://rb.gy/jcnj2

මිනිහා කිසිම පක්ෂයක් නැති කෙනෙක්. හොරුන්ට විසුමක් වෙන් නෑ. 30 වසරක යුද්ධය නිමා කරන්න මූලිකත්වය ගත්තා. ඒ විතරක්ද ? කොරෝනාවට ලෝකයම බය වෙලා ඉද්දි ඒක පාලනය කරලා ලෝකෙන්ම එක වෙන්න එතුමා තමයි මෙහෙයුම් සකස් කළේ. අරගලය ගහන් නැතුව ප්‍රජාතන්ත්‍රවාදීව එවක ජනාධිපති ගෝඨාභයගේ ජීවිතෙත් බේරල මහජන ජීවිතත් බේරුවේ එතුම බං. මෙකී නොකී කතා එක්ක වැඩේ ගියේ නැත්නම් පුදුමයි.

අතීතය එක්ක වර්තමානය සසඳා අනාගතය ගැන කළ උපකල්පනයකි. ඉතින් පරිස්සමින්, අවධානයෙන්, අවධානම ගැන දැනුවත්ව ඉන්න. හද පෙන්නුවහම ඇගිල්ල දිහෑ බලන්න එපා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?