Latestදේශීය

රනිල්ගේ පාලනය තුළ අපරාධ රැල්ල සීග්‍රයෙන් ඉහළට

මෙම වසරේ (2023) ගෙවී ගිය මුල් දින 148 තුළ මනුෂ්‍ය ඝාතනය 239ක් සිදු කර ඇති බවත් එය දරුණු අපරාධ රැල්ලක් බවට පත් වී තිබෙන බවත් හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයෙකු වන ප්‍රියන්ත ජයකොඩි මාධ්‍ය හමුවේ අනාවරණය කර තිබේ.

මෙම මනුෂ්‍ය ඝාතන අතරින් වැඩි ප්‍රමාණය වෙඩි තබා ඝාතනය කිරීම් වන අතර එයින් 67%ක් බස්නාහිර සහ දකුණ පළාත්වල සිදු කර ඇති බව පෙන්වා දී ඇත. 2019 වසරේදී 273ක් වූ ඝාතන සංඛ්‍යාව 2022 වනවිට 533ක් දක්වා වැඩි වී ඇති බවද හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයා හෙළිකළේය. සංවිධානාත්මක අපරාධ කල්ලි 67ක් හඳුනාගෙන ඇති අතර එයින් 47ක්ම බස්නාහිර පළාත තුළ ක්‍රියාත්මකව පවතී. ඔවුන්ගේ අපරාධ වැලැක්වීම සඳහා පොලිස් බුද්ධ් සේවා ජාලය ක්‍රියාත්මක කිරීම ඉතාම දුර්වල මට්ටමක පවතින බව මෙහිදී පෙන්වාදෙනු ලැබීය.

ගෝටාබය රාජපක්ෂ පාලන සමයේ සිට මෙරට පොලිසිය මුළුමනින්ම දේශපාලනඥයින් විසින් හැසිරිවීම නිසා රටේ නීතිය හා සාමය බිඳවැටී තිබූ අතර රනිල් වික්‍රමසිංහ පාලනය තුළද ඊටත් වඩා බරපතල ලෙස බිඳවට්ටා තිබීමෙන් සමාජය මෙම අපරාධ රැල්ලට ගොදුරු වී තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?