Latestක්‍රීඩාදේශීය

අබාධයක් හේතුවෙන් යුපුන් තරග බිමෙන් ඉවතට

කෙටි දුර ධාවන ශූර යුපුන් අබේකෝන් හට පාදයේ අබාධයක් හේතුවෙන් ඉදිරි සති කිහිපහයේදී තරග බිමෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහු පසුගිය සතියේ පැවති සැවෝනා ජත්‍යන්තර තරගාවලියේදී තත්පර 10.01ක (සුළඟේ අධාරය ඇතිව +2.7) දක්ෂතාවයක් දක්වමින් මීටර සීයය අවසන් තරගයේ දෙවන ස්ථානය දිනා ගැනීමට සමත්වුනා. යුපුන්හට එම තරගයේදී හටගත් අබාදයක් හේතුවෙන් සිය සුපුරුදු වේගයෙන්ම තරගය අවසන් කිරීමට නොහැකිවුණා.

ඔහු අද දින නිවේදනයක් නිකුත් කරමින් කියා සිටියේ සිය කලවයේ අතිවූ අබාධයක් හේතුවෙන් ඉදිරි සති කිහිපහයේදී තරග බිමෙන් ඉවත් වීමට සිදුව ඇති බවයි. ඔහු වැඩිදුරටත් අදහස් දක්වමින් දන්වා සිටියේ තමන් දැනටමත් ආබාධය සුවකර ගැනීමේ කටයුතු ආරම්භ කර ඇතිබවත් ඉදිරියේදී පෙරටත් වඩා ශක්තිමත්ව තරග වැදීමට බලාපොරොත්තුවෙන් සිටින බවයි.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?