Latestදේශීයමතවාද

නතාෂා වෙනුවෙන් පෙනී සිටිය යුත්තේ ඇයි?

නැපෝලියන් ගැන කතා කරද්දී නැපෝලියන් යනු කුමන තරාතිරමක කෙනෙක්ද කියා ඊට විශේෂණ පද භාවිතා කරන සිරිතක් සමාජයේ නැත. සමාජයේ යම් කෙනෙක් ප්‍රසිද්ධ චරිතයක් වන විට ඒ අයව නමින් හැදින්වීම සමාජ ස්වභාවය යි. කොටින් ම අපි කුඩා කාලයේදී අප එකිනෙකා අතර විජය කුමාරණතුංගව හැදින්වූයේ ‘‘විජෙයා‘‘ යන ආදර යෙදුමිනි. මේ ආකාරයට මහගම සේකර ‘‘සේකර‘‘ හැටියටද සමාජය තුළ ව්‍යවහාර කරනු ලබයි.

නතාෂා එදිරිසූරිය විසින් ‘‘අර සුද්ධෝදනගෙ පොඩි එකා‘‘ ලෙස ප්‍රකාශ කොට ඇති දේත් එක්ක ඔය තරමටම කුලප්පු වීමට දෙයක් මටනම් නැත. සිද්ධාර්ථ යනු බුදුන් නොවේ. බුද්ධත්වය ලැබීමට පෙර තරුණ විය දක්වා බුදුන් ගත කළ පෘතග්ජන අවධියේ භාවිත කළ නමයි. රජකුගේ දරුවකු නිසා සමහරෙකු ‘‘සිද්ධාර්ථ කුමරා‘‘ ලෙස මේ සිද්ධාර්ථව නම් කරන අතර රජකුගේ දරුවකු බව දැන දැනත් සිද්ධාර්ථට ඇති ප්‍රසිද්ධිය නිසා ‘‘සිද්ධාර්ථ‘ කියා කෙටියෙන් ඉතා සාමාන්‍ය ලෙස සමාජය විසින් වැඩි වශයෙන් හදුන්වනු ලබයි. උඩුවක සිද්ධාර්ථ මහා විද්‍යාලය, නුගේගොඩ අනුලා විද්‍යාලය, නුගේගොඩ මහාමායා විද්‍යාලය, මහනුවර මහාමායා විද්‍යාලය, ගාල්ලේ සංඝමිත්තා විද්‍යාලය යන විද්‍යාල වල නම් භාවිතා කොට ඇත්තේ ද බුදුදහමට පාදක චරිත වල කෙටි නම් කිසිදු තරාතිරමක් නොදක්වමිනි. මේ කෙටිබව පුද්ගල චරිත හැටියට නොව අවසානයේ ආයතනයක් හැදින්වීමේදී ‘‘අපි සිද්ධාර්ථෙ‘‘ ‘‘මගේ ගර්ල් ෆ්‍රෙන්ඩ් පන්නිපිටියෙ ධර්මපාලෙ‘‘ යන ලෙසද සමාජ ව්‍යවහාරය බවට පත් වීම කාටවත් වැලැක්විය නොහැකි බව අමු සත්‍යයයි. ඒ් අනුව ‘‘අනගාරික ධර්මපාල තුමා‘‘ ‘‘ධර්මපාලෙ‘‘ ලෙසද ‘‘සිද්ධාර්ථ කුමරා‘‘ ‘‘සිද්ධාර්ථෙ‘‘ හැටියටද අපභ්‍රංසගත වෙයි. මෙයට කාගෙන්වත් විරෝධයක් නැත.

නතාෂා යනු සමාජ ප්‍රශ්න විචාරාත්මකව සහ නිර්මාණාත්මකව ඉදිරිපත් කරන ප්‍රගතිශීලී කාන්තාවකි. විශේෂයෙන් පුරුෂ ප්‍රචණ්ඩත්වය, සමාජ ලිංගිකත්වය පිළිබදව ඇය විචාරාත්මක ප්‍රශස්ත දායකත්වයක් සපයන කාන්තාවකි. ඇයව උහුලා ගත නොහැකි බොහෝ දෙනාට ඇය පහුගියදා කළ ප්‍රකාශය ඇයව මට්ටු කිරීමට හොද අවස්ථාවක් විය. එනම් ‘‘බුදු දහමට අපහාස කරා‘‘ යන හංවඩුවයි. ඇත්තටම බුදු දහමට අපහාස කරන්නේ කවුද කියලා දන්නා අය දන්නවා.! කරුණාකර ඇයව අතාරින්න!!

( ඇයගේ කොමඩි රටාවට මගේ ඒ හැටි කැමැත්තක් නැති බවත් ඇය කතා කොට ඇති බොහෝ දේවල් වල අන්තර්ගතයන් මග හැර යා නොහැකි යථාර්ථයක් ඇති අන්තර්ගතයන් බවත් මගේ පිළි ගැනීමයි )

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?