Latestදේශීය

මහනුවර හෘද ඒකකයට අසාධයයි

මහනුවර ජාතික රෝහලේ හෘද රෝග ඒකකයේ හෘද කැතීටරකරණ ඒකක දෙකෙන් එක් ඒකකයක් මැයි මස 06 වැනි දින සිට සම්පූර්ණයෙන්ම අක්‍රිය වී ඇති බවත් අනෙක් යන්ත්‍රයද නඩත්තු මට්ටමේ පවතින බැවින් එම යන්ත්‍රයද ඉදිරි කාලයේ බිඳවැටීමේ සම්භාවිතාවක් පවතින බවත් සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ් පවසයි.

දැනට බිඳ වැටීමට ලක්ව ඇති යන්ත්‍රය 2006 වර්ෂයේදී මහනුවර ජාතික රෝහලේ ස්ථාපනය කොට ඇති අතර එම යන්ත්‍රය සඳහා සේවා සපයන මව් සමාගම විසින් 2019 වර්ෂයේ දී මෙම යන්ත්‍ර සඳහා අමතර කොටස් සැපයීම නතර කරන බවට එහි සේවා සපයන දේශීය සමාගමට දන්වා තිබෙන බවද ඔහු කියයි .

ඒ අනුව මහනුවර ජාතික රෝහලේ බලධාරීන් මේ පිළිබඳව සෞඛ්‍ය අමාත්‍යාංශය දැනුවත් කොට නව යන්ත්‍රයක් ලබා දෙන ලෙස දැනුම් දීමක්ද කර තිබෙන බවයි ඔහු සඳහන් කරයි.

මෙම එක් යන්ත්‍රයකින් දිනකට රෝගීන් 15ත් 20ත් අතර ප්‍රමාණයක් පරීක්ෂණ සහ ප්‍රතිකාර කටයුතු සිදු කළ බව පවසන්න සෞඛ්‍ය වෘත්තීයවේදීන්ගේ විද්වත් සංගමයේ සභාපති රවි කුමුදේශ්, පසුගිය වසරේ රෝගීන් 7,200කට ආසන්න ප්‍රමාණයක් ලියාපදිංචි වී සිට ඇති අතර එයින් විශාල ප්‍රමාණයකට පරීක්ෂණ සහ ප්‍රතිකාර කිරීමට අවස්ථාව නොලැබුණ බවද අවධාරණය කරයි.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?