Latestදේශීය

අන්තරේට අධිකරණ නියෝගයක්

අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍ය බල මණ්ඩලය සංවිධාන කරන විරෝධතාවක් අද පස්වරු එකට ශ්‍රි ජයවර්ධන පුර විශ්වවිද්‍යාලය ඉදිරිපිටින් ආරම්භ කිරීමට සැලසුම් කර තිබූ අතර අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු ඇතුළු කිහිප දෙනෙකුට කොටුව මහේස්ත්‍රාත් අධිකරණය නියෝගයක් නිකුත් කර තිබෙනවා.

කොටුව කොල්ලුපිටිය හා කොම්පඤ්ඤ විථිය පොලිස් ස්ථානාධිපතිවරුන් කළ කරුණු දැක්වීමක් සලකා බලමින් අද පෙරවරු 11 සිට සවස 6 දක්වා කොළඹ ස්ථාන කිහිපයකට ඇතුළු වීම වළක්වමින් එම නියෝගය නිකුත් කර ඇත.

මේ අනුව අරලියගහ මන්දිරය,අග්‍රාමාත්‍ය කාර්යාලය,ජනාධිපතිවරයාගේ පෞද්ගලික නිවස ,ජනාධිපති ලේකම් කාර්යාලය , ජනාධිපති මන්දිරය,මුදල් අමාත්‍යංශය, ගාලු මුවදොර පිටිය යන පරිශ්‍රයන්ට ඇතුළුවීම එම පිරිසට තහනම් කර තිබෙනවා.

ගාලු මුවදොර වට රවුමේ සිට එන් එස් ඒ වටරවුමට ඇතුළු වීමෙන් වළකින ලෙසද එම අධිකරණ නියෝගයේ සඳහන්කර ඇත.

අන්තර් විශ්වවිද්‍යාල භික්ෂු බල මණ්ඩලයේ කැඳවුම්කරු පූජ්‍ය රත්කරව්වේ ජිනරතන හිමි,ගල්වැව සිරිධම්ම හිමි,උදේනිගම ගුණරතන හිමි හා ලහිරු වීරසේකර ඇතුළු පිරිසක් අධිකරණය නියෝගය නිකුත් කරනු ලැබු සෙසු පුද්ගලයින් වේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?