දේශීය

ගුරු – විදුහල්පති වැටුප් විෂමතා ඉවත් කිරීමේ චක්‍රලේඛය නිකුත් කෙරේ

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීමට අදාළ චක්‍රලේඛය නිකුත් කර තිබේ.

රාජ්‍ය සේවා හා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය විසින් අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇත.

ගුරු – විදුහල්පති වැටුප් විෂමතාව ඉවත් කිරීම සම්බන්ධයෙන් පසුගිය වසරේ අගෝස්තු 30 වන දින සහ මේ වසරේ ජනවාරි තුන් වන දිනයන්හිදී පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීම්වල දී ගනු ලැබූ තීරණවලට අනුව එම චක්‍රලේඛය නිකුත් කර ඇති බව සඳහන් වේ.

මේ වසරේ ජනවාරි මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි අදාළ චක්‍රලේඛය නිකුත් කර ඇති අතර ඊට ජාතික වැටුප් කොමිෂන් සභවේ සහ මුදල් අමාත්‍යාංශයේ ද එකඟතාව හිමිව තිබේ.

මේ අතර 2020 වසරේ පුහුණු අභ්‍යාසලාභීන් ලෙස බඳවාගත් උපාධිධාරීන් සඳහා සංවර්ධන නිලධාරීන් ලෙස ස්ථීර පත්වීම් ලබාදීමට රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යාංශය පියවර ගෙන ඇති බව වාර්තා වේ.

අභ්‍යාසලාභී උපාධිධාරීන් 51,682 සඳහා මෙලෙස ස්ථීර පත්වීම් ලබාදීමට නියමිතය.

ඔවුන්ගෙන් වසරක පුහුණුව සම්පුර්ණ කළ උපාධිධාරීන් සඳහා ජනවාරි මස 03 වන දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර පත්වීම් ලබා දි ඇති අතර වසරක පුහුණුව සම්පූර්ණ නොමැති උපාධිධාරීන් සඳහා අප්‍රේල් මස පළමු වැනි දින සිට ක්‍රියාත්මක වන පරිදි ස්ථීර පත්වීම් ලබාදීමට නියමිත බව රාජ්‍ය සේවා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍යංශය සඳහන් කළේය.

අදාළ චක්‍රලේඛය පහතින්,

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?