Latestදේශීය

විදෙස් ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට

හික්කඩුව නගරය ආසන්නයේ මුහුදු වෙරළේ දියනෑමට ගොස් සිටි විදෙස් ජාතික තරුණයෙක් දියේ ගිලී ජීවිතක්ෂයට පත්ව ඇති බව පොලීසිය පවසනවා.

එසේ මියගොස් ඇත්තේ 29 හැවිරිදි රුසියන් ජාතිකයෙකි.

එම රුසියන් ජාතික තරුණයා ඊයේ (07) සවස් කාලයේදී දියේ ගිලෙමින් සිටියදී ජීවිතාරක්ෂ නිලධාරීන් විසින් ගොඩගෙන කරාපිටිය රෝහලට ඇතුළත් කිරීමට කටයුතු කර ඇත. නමුත් එම තරුණයා ජීවිතක්ෂයට පත්ව තිබෙනවා.

එම විදේශිකයාගේ මෘත ශරීරය කරාපිටිය රෝහලේ මෘත ශරීරාගාරයේ මේ වනවිට තැන්පත් කර ඇති අතර  හික්කඩුව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරනු ලබනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?