Latestදේශීය

ලබන සතියේ සිට යූරියා සහ බන්ඩි පොහොර අඩු මිලට

ලබන සතියේ සිට යූරියා සහ බන්ඩි පොහොර අඩු මිලට ලබා දීමට කටයුතු කරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවසීය.

විපක්ෂ නායකවරයා (08) පාර්ලිමේන්තුවේ දී ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් ඇමැතිවරයා මේ බව කියා සිටියේය.

ඒ අනුව යූරියා පොහොර මිටියක් රුපියල් 9000ට වඩා අඩු මුදලකටත් , බන්ඩි පොහොර මිටියක් දැනට පවතින මිලට වඩා රුපියල් 4500ක් අඩු කර, රුපියල් 15000ටත් ලබාදෙන බවද හෙතෙම කීවේය. පොහොර මිල පාලනය කරමින් සාධාරණ මිලට ගොවි ජනතාවට ලබා දීම රජයේ අරමුණ බවත්, පෞද්ගලික අංශයට අනිසි ලාබ ලබා ගැනීමට ඉඩ නොදෙමින් එම පොහොර ජනතාවට ලබා දීම රජයේ අරමුණ බවද කෘෂිකර්ම අමාත්‍යවරයා පැවසීය. තේ, පොල්, රබර්, එළවළු,අල, කෙසෙල් සහ කුරුඳු වගාවන් සඳහා අවශ්‍ය මිශ්‍ර පොහොර පෙර පැවැති මිලට වඩා භාගයකටත් අඩු මුදලකට ලබාදෙන බවත් ඒ මහතා කීවේය.

රජය අපහසුතාවයට පත් කිරීමේ අරමුණින් ඇතැම් නිලධාරීන් ගොවි ජනතාවගේ සහන නොදෙන බවත් එවැනි අය හඳුනාගනිමින් සිටින අතර හඳුනාගත් පිරිසට විනයානුකූල පියවර ගෙන ඇතැයිද ඇමතිවරයා සඳහන් කළේය.

දැනටමත් මෙට්‍රික් 25000ක් පොහොර මිලදී ගැනීම සඳහා ටෙන්ඩර්පත් නිකුත් කරලා තිබෙනවා. කොමර්ෂල් සහ ලක් පොහොර සමාගම්වලින් පොහොර මිලදී ගෙන තරගකාරී මිලට විකුණනවා.

තේ සහ අනෙක් භෝග වගාවන් සඳහා පොහොර සහනාධාර දෙන්න කියලා. අපි ඒ අය වෙනුවෙනුත් පොහොර නැව ආවම ප්‍රශ්නය විසඳනවා.දැනටත් කොමර්ෂල් සහ ලක් පොහොර සමාගම් මිශ්‍ර පොහොර සියල්ලම සකස් කර තිබෙනවා. මීට පෙර පැවැති මිලට වඩා භාගයකටත් අඩුවෙන් ලබා දෙන්න. තේ, රබර් වලටත් පොල්, අල එළවළු කෙසෙල් වෙන වෙනම පොහොර සකස් කරලා තිබෙනවා. ප්‍රමාණයෙන් වැඩි ප්‍රමාණයක් ඉල්ලනව නම් ප්‍රවාහනය කරලා වෙළෙන්දට දෙන වට්ටමත් ඒ ගොවියට ලබා දෙමින් කුරුඳු ගොවියටත් ඒ සහන දෙනවා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?