Latestදේශීය

පළමු පාසල් වාරයේ තෙවන අදියර අද ඇරඹෙයි

මෙම වසරේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල පළමු පාසල් වාරයේ තෙවන අදියර අද (12) ආරම්භ වුණා.

2023 මැයි මස 26 වන දින මෙම පාසල් නිවාඩු දෙනු ලැබුවේ  අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගය වෙනුවෙනුයි.

ඒ අනුව  ඔක්තෝම්බර් මාසයේදී පැවැත්වීමට නියමිත අධ්‍යයන පොදු සහතික උසස් පෙළ විභාගය ආරම්භ වන දිනය දක්වා පැසල් පැවැත්වීමට නියමිතය.

ලබන වසර සඳහා පළමු ශ්‍රේණියට ළමුන් ඇතුළත් කිරීම වෙනුවෙන් සකස් කළ නව රෙගුලාසි ඇතුළත් කැබිනට් පත්‍රිකාව අද දිනයේ අමාත්‍ය මණ්ඩලයට ඉදිරිපත් කිරීමට නියමිතව තිබෙනවා.

මෙවර චක්‍ර ලේඛයට , පළමු වරට ආබාධිත දරුවන් පළමු ශ්‍රේණියට ඇතුළත් කිරීමට අදාළ විධිවිධාන ද ඇතුළත් කර ඇති බව සඳහන්. මීට පෙරද මෙම දරුවන් සඳහා සියයට 3ක ප්‍රතිශතයක් වෙන් කිරීමට යෝජනා වී තිබුණද නිශ්චිත ප්‍රතිශතයක් වෙන් නොකිරීම හේතුවෙන් ගැටලු රැසක් මතු වී තිබුණා.

අමාත්‍ය මණ්ඩල අනුමැතිය ලද වහාම පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සඳහා වන අයඳුම්පත් කැඳවීම ආරම්භ කරන අතර මේ සඳහා තවත් මාසයක පමණ කාලයක් ගතවනු ඇති බව ද අධ්‍යාපන අමාත්‍යංශයේ උසස් නිලධාරීයෙකු සඳහන් කළා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?