Latestදේශීය

රියදුරු බලපත්‍ර කාඩ් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කරයි

රියදුරු බලපත්‍ර කාඩ් පෞද්ගලික අංශයෙන් මුද්‍රණය කිරීමට තීරණය කර ඇති බව මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව  පවසනවා.

රියදුරු බලපත්‍ර කාඩ් ලක්‍ෂ 8ක පමණ ප්‍රමාණයක් මෙසේ මුද්‍රණය කිරීමට නියමිතව  තිබෙනවා.

 දෙපාර්තමේන්තුව සතුව ඇති මුද්‍රණ යන්ත්‍රවල ධාරිතාව ප්‍රමාණවත් නොවීම නිසා එම රියදුරු බලපත්‍ර නිකුත් කිරීම මාස ගණනක් ප්‍රමාද වී ඇත.

 මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නිශාන්ත අනුරුද්ධ වීරසිංහ මහතා පවසන්නේ නව යන්ත්‍ර මිලදී ගැනීමට රුපියල් කෝටි 20ක් පමණ මුදලක් දැරීමට නොහැකි වීම නිසා එම තීරණය ගත් බවයි.

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ පරිගණක පද්ධතිය භාරව සිටින සමාගමෙන් කාඩ් පත් මුද්‍රණ යන්ත්‍ර ලබාගෙන කාඩ් පතක් සඳහා රුපියල් 150ක පමණ මුදලක් ගෙවීමේ එකඟතාව මත එම ව්‍යාපෘතිය ක්‍රියාතක්මක කරන බවයි සඳහන් වන්නේ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?