Latestදේශීය

නීති විරෝධී ලෙස ආනයනය කළ දුම්වැටි මිලියන 200ක් විනාශ කරයි

නීති විරෝධී ලෙස ආනයනය කෙරුණු දුම්වැටි මිලියන 200ක් අද(15) පෙරවරුවේ මුතුරාජවෙල අපද්‍රව්‍ය බලශක්ති තාප බලගාරයේදී විනාශ කර ඇත.

ඒ මෙතෙක් නීති විරෝධී ලෙස ආනයනය කෙරුණු විශාලම දුම්වැටි තොගය බවද සඳහන්.

මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍යංශය නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කරන්නේ මෙම  දුම්වැටි තොගය මුදල් රාජ්‍ය අමාත්‍ය ආචාර්ය රංජිත් සියඹලාපිටිය මහතා හා ජ්‍යෙෂ්ඨ රේගු නිලධාරීන් ඉදිරියේ අදාළ විනාශ කළ බවයි.

මෙම දුම්වැටි තොගය හේතුවෙන් රජයට අහිමි වීමට ගිය ආදායම රුපියල් බිලියන 13ක් වන අතර දුම්වැටි තොගයේ වටිනාකම රුපියල් බිලියන 15කට අධික බවයි පැවසෙන්නේ.

මෙම දුම්වැටි තොගය ශ්‍රී ලංකා රේගුවේ අනුගතවීම් සහ පහසුකම් සැලසීමේ අංශ නිලධාරීන් විසින් වටලා තිබෙනවා. පසුව ආනයනකරුවන් ඇතුළු පාර්ශ්ව වෙත රේගු ආඥා පනත යටතේ දඩ මුදල් නියම කිරීමෙන් පසු ඒවා රාජසන්තක කළ බවයි අමාත්‍යංශය නිකුත් කළ නිවේදනයේ සඳහන් වන්නේ.

දුම්වැටි මෙරටට ගෙන්වන ලද ආයතනවලටද ලක්ෂ 25ක දඩයක් පනවා ඇති අතර මේවා අලෙවි කිරීමට නොහැකි බවත් මේවායේ ප්‍රමිතිය සම්බන්ධයෙන් වගකීමක් කිසිවෙකුට ගැනීම‍ට නොමැති බවත් මෙම දුම්වැටි තොගය විනාශ කිරීම සඳහා සිගරට් එකකට රු 2ක් මුදලක් එනම් කෝටි 40 ක මුදලක් ශ්‍රී ලංකා දුම්කොල සමාගමෙන් අයකරගන්නා බවත්  රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කරඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?