Latestදේශීය

ඩෙංගු පාලනය කරන්න, ඩෙංගු මර්දන කමිටුව රැස්වී සාකච්ඡාවක්

උණ රෝගීන් ඩෙංගු ආසාදිතදැයි තහවුරු කරගන්නා තුරු මදුරුවන්ගෙන් ආරක්ෂා කර ගත යුතු බව ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව සඳහන් කරනවා.

ඩෙංගු ආසාදිතයකුගෙන් මදුරුවන් හරහා තවත් අයෙකුට ඩෙංගු ආසාදනය වන බැවින් සියලු උණ රෝගින් මදුරුවන් ගෙන් ආරක්ෂා කර ගත යුතු බවයි.එම කමිටුවේ සභාපති සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍ය සීතා අර‍ඹේපොල මහත්මිය පෙන්වා දෙන්නේ.

පවතින ඩෙංගු තත්වය මැඩපැවැත්වීම සඳහා රෝග වාහකයින් පාලනය කිරීමට කඩිනම් පියවර ගත යුතු බව සෞඛ්‍ය රාජ්‍ය අමාත්‍යවරිය සඳහන් කළා.

රෝහල් ආශ්‍රිතව ඩෙංගු පාලනයට වෙනම මාර්ගෝපදේශ සකස් කරන ලෙසටද ඩෙංගු මර්දන විශේෂඥ කමිටුව අද රැස්වු අවස්ථාවේදී ඇය අවධාරණය කළා.

රෝහල් ආශ්‍රිතව ඩෙංගු රෝගය ව්‍යාප්තවීම පාලනය කිරීමට නම් උණ රෝගීන් සඳහා පමණක් වෙන් කළ ස්ථානවල ඔවුන් හුදෙකලා කළ යුතු බවයි සෞඛ්‍ය අංශ මෙහිදී පෙන්වා දී තිබෙන්නේ.

මේ අතර ඩෙංගු මදුරුවන් වැඩි වශයෙන් බෝ වන ස්ථාන ලෙස පාසල්, පූජනීය ස්ථාන, රජයේ සහ පෞද්ගලික ආයතන, වෙළෙඳ පරිශ්‍ර මෙන්ම අත්හැර දමා ඇති බිම් කොටස් පරීක්ෂා කිරීම සඳහා සතියේ දින පහ වෙන් කර ගන්නා ලෙසත්, ස්ථානීය පරීක්ෂාවන් සඳහා පොලිසියේ හා ත්‍රිවිධ හමුදාවේ සහය ලබා ගන්නා ලෙසත් සීතා අරඹේපොල මහත්මිය අදාළ අංශ වෙත උපදෙස් දී ඇත.

පාසල් සිසුන් අතර, ඩෙංගු ව්‍යාප්තිය පාලනය කිරීම සඳහා අත්පා ආවරණය වන පරිදි සුදුසු ඇඳුමකින් සැරසීමට අවස්ථාව ලබා දීම සම්බන්ධයෙන් ද මෙහිදී අවධානය යොමු වූණා. එය අනිවාර්ය නොවන මෙන්ම දෙමව්පියන්ට අමතර වියදමක් නොවන ලෙස සිදු කළ යුතු බවද මෙහිදී අවධාරණය කෙරුණා.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?