Latestදේශීය

පොහොර මිල අඩුකරයි

අද (15) දිනයේ සිට යූරියා පොහොර මිල අඩුකරන බව කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා ප්‍රකාශ කළා.

ඒ අනුව රුපියල් 10,000කට ලබාදුන් යූරියා පොහොර මිටිය රුපියල් 9,000කට ලබාදීමට කටයුතු කරන බව ද පසුගිය කාලයේ රුපියල ශක්තිමත්වීමත් සමග වියදම් අඩු කරගැනීමට හැකි වූ නිසා ගොවි ජනතාවට එම වාසිය ලබාදීමට හැකිවූ බවද අමාත්‍යවරයා පැවසුවා.

තවද මෙම කන්නය සඳහා මඩ පොහොර නොමිලේ ලබාදීමට  කටයුතු කර ඇති අතර  බණ්ඩි පොහොර මිල රුපියල් 4,500 කින් අඩුකර ඇති බවද සඳහන්

ගොවීන්ට නිසි වේලාවට පොහොර නොලැබීම පිළිබඳව සොයා බලන බවද සඳහන් කළ අමාත්‍යවරයා නිලධාරීන්ගේ නොසැලකිලිමත්කම නිසා යම් ගැටලු ඇතිවී ඇත්නම් එම නිලධාරීන්ට එරෙහිව විනය ක්‍රියාමාර්ග ගන්නා බවත් ඉදිරියේදී ගොවි ජනතාවට සේවය කිරීමට කටයුතු නොකරන නිලධාරීන් පිළිබඳව තරාතිරම නොබලා කටයුතු කිරීමට තමන් පසුබට නොවන බවත් කෘෂිකර්ම අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසුවා.
 

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?