Latest

පොහොට්ටුව හීලෑකර රනිල් බලය පතුරුවයි

පොහොට්ටුව විසින් පත් කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ සහ එම පක්ෂය අතර පසුගිය සතියක පමණ කාලයක සිට පැවති වාග් හුවමාරුව පිළිබඳව ඊයේ (14) රාත්‍රියේ පැවති සාකච්ඡාවකදී විසඳාගෙන ඇති අතර රනිල් වික්‍රමසිංහ ගෙන යන ක්‍රියාමර්ගවලට සම්පූර්ණ සහයෝගය දෙන බවට එකඟ වී තිබේ.

මෙම එකඟත්වයට පැමිණ තිබෙන්නේ පොහොට්ටු පක්ෂයේ හිටපු ඇමතිවරුන් ප්‍රමුඛ මන්ත්‍රීවරුන් රනිල් වික්‍රමසිංහ විසින් ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රී කණ්ඩායම සහ එවැනි වෙනත් හමුවීම්වලට අවිධිමත් ලෙස කැඳවීම ඉදිරියේදී නොකරන බවට එකඟවීමෙන් පසුව ය.

එහෙත්, පසුගිය සතියක පමණ කාලයකදී පැවති වාග් සන්දර්ශනයට මූලික වී තිබුණේ වෙනත් කරුණු කීපයක් ය. රනිල් වික්‍රමසිංහ ඉදිරි අවුරුදු පහ හය ඇතුලත ජනාධිපති ලෙස ක්‍රියා කරන බව රනිල්වාදීන් ප්‍රකාශ කිරීම, ජාතික ආරක්ෂාව පිළිබඳ පාර්ලිමේන්තු අධීක්ෂණ කාරක සභාව විසින් ටෙලිකොම් ආයතනය විකිණීමට එරෙහිවීම, පොහොට්ටු හිතවාදීන් නෙරපා හැර රනිල්ගේ සමීපතමයන් ආණ්ඩුකාරයන් ලෙස පත් කිරීම, සහ පොහොට්ටුවේ ජේෂ්ඨයන්ට ඇමති ධුර ලබා නොදීම යන කරුණු මූලික කර ගෙන ය.

ඊයේ රාත්‍රියේ රනිල් වික්‍රමසිංහ සමඟ බැසිල් රාජපක්ෂ අකිල විරාජ් කාරියවසම්, ඇතුලු පොහොට්ටුවන් පවත්වන ලද සාකච්ඡාවේදී පෙර කී කරුණු කිසිවක් මතුකර නැති අතර පොහොට්ටුවන් විධිමත් ලෙස ජනාධිපතිවරයාගේ රැස්වීම්වලට කැඳවීම සම්බන්ධයෙන් පමණක් කඟතාවලට පැමිණ ඇත. එම එකඟතාවයට යටත්ව රනිල් වික්‍රමසිංහ ගෙන යන ක්‍රියාමාර්ගවලට පූර්ණ එකඟතාවය පළ කරන බව පොහොට්ටු මහ ලේකම් සාගර කාරියවසම් ප්‍රකාශ කර තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?