Latestදේශීය

ජනාධිපති හොදයි – අගමැති තමයි ප්‍රශ්ණය

අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතාට දුරකතන ඇමතුමකටවත් සම්බන්ධ කර ගත නොහැකි වී ඇතැයි ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජාතික සංවිධායක හිටපු මුදල් අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා පවසා ඇත.

ඔහු මේ බව සඳහන් කර ඇත්තේ ආණ්ඩු පක්ෂය නියෝජනය කරන පක්ෂ වල නායකයන් සහ ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අතර ජනාධිපති ලේකම් කාර්යාලයේදී පැවති සාකච්ඡාවකදීය.

ජනාධිපතිවරයා රට ගොඩනැඟීමට ගෙන යන වැඩපිළිවෙළට පොදුජන පෙරමුණේ සහාය ඉදිරියටත් අඛණ්ඩව ලබා දෙන බවද බැසිල් රාජපක්ෂ මහතා එහිදී පවසා ඇති අතර තම පක්ෂයේ ඇතැම් වුර්තිය සමිති නායකයන් සහ ප්‍රාදේශීය නායකයන් ආණ්ඩුවේ ඇතැම් කටයුතු සම්බන්ධයෙන් විරෝධාකල්පයක් දැරුවද එම ගැටළු කිසිවක් රට ගොඩනගන වැඩපිළිවෙලට සහාය නොදීමට තරම් බරපතල නොවන බව ද සඳහන් කර තිබේ.

ජනාධිපති කාර්ය මණ්ඩල ප‍්‍රධානී සාගල රත්නායක සහ ජනාධිපති ලේකම් සමන් ඒකනායක සමග වැඩ කිරීම ඉතා පහසු බවත් පවසා ඇති බැසිල් රාජපක්ෂ මහතා ඔවුන් ඕනෑම අවස්ථාවක සාකච්ඡාවක් සඳහා ඇහුම්කන් දීමට සූදානම් බවත් සඳහන් කර තිබේ.

නමුත් ඇතැම් අයට තනතුරු ලැබුනාම දුරකථන ඇමතුමක්වත් දීමට අවස්ථාවක් නැති බවත් අග්‍රාමාත්‍යතුමා කාර්යබහුල වූ ආකාරයක් පෙනී යන බවත් ඔහු දුරකථනයට සම්බන්ධ කර ගන්නත් අමාරු බවත් එහිදී බැසිල් රාජපක්‍ෂ මහතා පවසා ඇත.

නමුත් ජනාධිපතිතුමා කොතරම් කාර්යබහුල වුවත් ඇමතුමක් ගත් මොහොතේම ඊට ප්‍රතිචාර දක්වන බවද ඊට ප‍්‍රශංසාව හිමි විය යුතු බවත් බැසිල් රාජපක්ෂ මහතා තවදුරටත් එහිදී සඳහන් කර තිබේ.

ඉදිරියේදී ආණ්ඩුවේ වැඩසටහන් සඳහා පොදුජන පෙරමුණේ මන්ත්‍රීවරුන් කැඳවන්නේ නම් පළමුව පක්ෂය දැනුවත් කිරීමට එහිදී එකඟතාවකට පැමිණ ඇති අතර මසකට වරක් ආණ්ඩුවේ පක්‍ෂ එක්ව සාකච්චා කිරීමටත් තීරණය කර ඇත.

@Lanka C News

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?