Latestදේශීය

ඉදිරි සති දෙක තීරණාත්මකයි

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝග අනුව විදේශීය ණය ප්‍රතිව්‍යූහගත කිරීමේ පූර්ව කොන්දේසියක් ලෙස දේශී්‍ය ණය ප්‍රතිව්‍යූහගත කිරීම තීරණාත්මක කඩඉමකට පැමිණ ඇති බව වාර්තා වේ.

මේ යටතේ සේවක අර්ථ සාධක අරමුදල සහ මෙරට වාණිජ බැංකුවලින් රජය ලබා ගෙන ඇති ණය ප්‍රතිව්‍යූහගත කිරීම ප්‍රමුඛතම කාර්යයක් බවට පත්කර ගෙන ඇත. ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රජය ලබා ගෙන තිබෙන ණය සම්බන්ධයෙන් එම ප්‍රමුඛතාවය ලබා දී නැති බවද අනාවරණය වේ.

දැනට හෙළිවී තිබෙන තොරතුරු අනුව පත්කළ ජනාධිපති රනිල් වික්‍රමසිංහ ප්‍රංශ සංචාරයට ගොස් පැමිණි පසුව මෙම ණය ප්‍රතිව්‍යූහගත කිරීම සම්බන්ධයෙන් අවසාන වාර්තාව සකස් කිරීමට නියමිත ය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?