Latestදේශීය

දැන් ඡන්දයක් නොතිබ්බොත් සමාජයට දරන්න බැරි දේ වෙනවා

මේ මොහොතේ ජනතාවට ඡන්දයක් අවශ්‍ය බවත් ඡන්දක් නොතිබුවහොත් සමාජයට දැරිය නොහැකි වෙනත් වෙනත් දේවල් මතුවීමේ ඉඩකඩක් තිබෙන බවත් මැතිවරණ කොමිසමේ සභාපති නීතිඥ නිමල් ජී. පුංචිහේවා අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (16) පැවති මාධ්‍ය හමුවකදී මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්නයකට පිළිතුරු ලබා දෙමිණි.

එහිදී ඔහු වැඩිදුරටත් දැක් වූ අදහස්,

ප්‍රශ්නය :- යෝජනාවක් තියෙනවා පළාත් පාලන මැතිවරණය සඳහා වූ නාමයෝජනා අහෝසි කිරීම සම්බන්ධයෙන්?

පිළිතුර :- පළාත් පාලන නාමයෝජනා අහෝසි කරන්න පුළුවන් නීතියේ හැටියට කාරණා දෙකකින් පමණයි. පනත් කෙටුම්පතක් ගේන්න ඕනා මේ නාමයෝජනා අහෝසි කරන්න. දෙවෙනි කාරණය තමයි සීමා නීර්ණ කමිටුවේ වාර්තාව ජනාධිපතිතුමා විසින් ගැසට් කළ යුතුන තියෙනවා. සමාලෝචන වාර්තාව ගැසට් කරයින් පස්සේ, එතනදි සීමා වෙනස් වෙලා තියෙනවානම් ඒ සීමා අනුව ඡන්දෙ තියන්න බැඳීමක් තියෙනවා. කොට්ඨාස අනුව නාමයෝජනා කැඳවන්න සිද්ධවෙනවා. මේක වෙනුවට පරණ ක්‍රමයට අනුව ඡන්දය තියන්න ඉදිරිපත් කරන යෝජනාවට ශ්‍රේෂ්ඨාධිකරණය කියල තියෙනවා නීතිමය බාධා නැහැ කියලා. ඒක දැන් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරලා සම්මත වුනොත් කොමිසමට පුළුවන් සල්ලි දෙනවනම් පළාත් පාලන ඡන්දය තියන්න පරණ ක්‍රමය යටතේ.

මිනිස්සුන්ට මේ වෙලාවේ ඡන්දයක් අවශ්‍යයි. මොකද හේතුව මේ, මිනිස්සුන්ගේ කැමැත්ත කියන එක පහුගිය කාලේ ආපු සිද්ධිත් එක්ක දැන් ගොඩක් වෙනසක භාජනය වෙලා තියෙනවා. මේ වෙලාවේ ඡන්දය තියන්න ඕනා. එහෙම නැත්නම් වෙනත් වෙනත්, සමාජයට දරන්න බැරි දේවල් මතුවීමේ ඉඩකඩක් තියෙනවා.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?