Latestදේශීය

ප්‍රබන්ධ සහ ප්‍රශස්ති

පලවාහරිනලද ජනාධිපති ගෝටාබය රාජපක්ෂගේ 74වෙනි ඡන්මදිනය නිමිත්තෙන් බව සඳහන් කරමින් සුගීෂ්වර බණ්ඩාර ලංකාදීප පුවත්පතට ලියනලද ප්‍රසස්ති ලිපියක 2022 ජූලි 09 වෙනි දින සිදු වූ බව කියන ප්‍රබන්ධ ඇතුළත් කර තිබේ.

එදින පෙරවරුවේ ලක්ෂ සංඛ්‍යාත ජනකායක් සහභාගී වූ සාමකාමී විරෝධතාවය “ශ්‍රී ලංකාවේ ද, 2022 ජූලි 09 වන දා මෙරට ජන මනස තුළ සුවිශේෂී දිනයක් ලෙස සටහන් වූයේ ප්‍රචණ්ඩත්වයේ දිනයක් ලෙසට ය.” යනුවෙන් විකෘති අර්ථකථනයක් දී ඇත. එසේ සඳහන් කරන සුගීෂ්වර බණ්ඩාර නම් පුද්ගලයා වැඩි දුරටත් සඳහන් කර තිබෙන්නේ ““සර්, කරුණාකරල අපට මේ කැරලිකරුවන්ට වෙඩි තියන්න අවසර දෙන්න. ප්‍රජාතන්ත්‍රවාදීව තෝරා පත් කර ගත් ජනාධිපතිවරයෙක්ට මේ විදියට හිංසා කිරීමට, හිර කර තබා ගැනීමට දෙන්න බෑ” යයි ආරක්ෂක නිලධාරීහු ජනාධිපතිතුමාගෙන් අයැද සිටියහ.” යනුවෙනි.

මේ අනුව මෙම පුද්ගලයා උත්සාහ කර තිබෙන්නේ ආරක්ෂක නිලධාරීන් ගෝටාබය ඉදිරියේ බැගෑපත් ඉල්ලීම් කළ බවත් ගෝටාබය රාජපක්ෂ ඉතා අවහින්සාවාදියෙකු ලෙස එම ඉල්ලීම ප්‍රතික්ෂේප කළ බවත් ජනගත කිරීමටය. ආරක්ෂක නිලධාරීන්ගේ ඉල්ලීම සම්බන්ධයෙන් ගෝටාබය ““තමුසෙලට පිස්සුද මේ මිනිස්සු තමයි මට ජන්දෙ දීලා මාව බලයට පත් කළේ. කො‍හොමද තමුසෙලා ඒ මිනිස්සුන්ට වෙඩි තියන්නේ?” යැයි ජනපති කෝපයෙන් පෙරළා ඇසුවේය.” යනාදීවශයෙන් තව දුරටත් ප්‍රබන්ධ කරණයේ යෙදී තිබේ.

මේ වන විට රනිල් වික්‍රමසිංහ පොහොට්ටු පක්ෂයේ ජනාධිපති ලෙස පත් කර ගනිමින් ඔහු යටතේද මෙවැනිම ප්‍රබන්ධ රැසක් විවිධ ආකාරයෙන් සමාජගත කරමින් තිබෙන අතර ගෝටාබය රාජපක්ෂ ඇතුළු රාජපක්ෂ පවුලේ පිරිස පිළිබඳව නැවත මහජන අනුකම්පාවක් අති කිරීමට උත්සාහ කරමින් තිබෙන බව මෙම ප්‍රබන්ධ සටහනින් පැහැදිලි වේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?