Latestදේශීය

රනිල් පනපොවන්න හදන්නේ විනාශකාරී දේශපාලනයට

“මුස්ලිම් අය සහ සිංහල අය අතර විශාල බෙදීමක් නිර්මාණය කළා. කුඩා පාසල් දරුවන්ට පවා මුස්ලිම් කඩවලට නොයන ලෙස මත වැපිරුවා. බලය ලබා ගැනීම සඳහා අටවන එවැනි කිසිම පන්නයේ උගුලකට අපි ඉඩ නොදිය යුතුයි. පාසලේ එකට ඉගෙන ගන්න සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් එකට අත්පුඩි ගහන සුන්දර දර්ශනයක් අපට ඕනෑ. ඇමෙරිකාවේ සියවස් කීපයකට පසුව හරි කළු ජාතිකයකු ජනාධිපති වුණා. ඉන්දියාවේ සික් ජාතිකයෙක් ජනාධිපති වුණා. ඉන්දියානු සම්භවයක් සහිත කෙනෙක් එංගලන්තයේ අගමැති වුණා. දියුණු වුණු රටවල පිටුපස තිබෙන්නේ ජාතිවාදී හෝ ආගම්වාදී හෝ නොවී රට ගැන සිතා කටයුතු කිරීමයි. අපේ පරම්පරාව උතුරේද, දකුණේද භේදයකින් තොරව ජාතිවාදයට ඉඩ නොදෙන බවට ස්ථිර අධිෂ්ඨානයක් අපි ඇති කර ගත යුතුයි. මේ පාලකයන් ආර්ථිකය හැදුවා, ප්‍රජාතන්ත්‍රවාදය හැදුවා, නීතියේ ආධිපත්‍යය පිහිටවූවා, අධ්‍යාපනය දියුණු කළා වාගේ කිසිවක් කියන්න බැරි පිරිසක්. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේ ජනතාවගේ අධ්‍යාත්මය කොනිත්තලා, සිංහල බෞද්ධකම, ජාතිය බේරා ගන්න ඉස්සරහට එන්න කියලයි. රනිල් පණපොවන්න හදන්නේ මේ විනාශකාරී දේශපාලනයට. පසුගිය කාලයේ දිගටම රනිල් අනුගමනය කළේ ඊට අදාළ ක්‍රියාමාර්ගයි. එයට එරෙහිව ජාතික ජන බලවේගය ජාතික සමඟිය වෙනුවෙන් සහ ආගමික සහජීවනය වෙනුවෙන් ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කරනවා. එයිනුත්, ප්‍රධානම කාර්යභාරයක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට පැවරී තිබෙනවා.” යැයි ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක ඊයේ (18) අනුරාධපුරයේදී පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමින් පැවසීය.

එහිදී විශ්‍රාමික රියර් අද්මිරල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න, විශ්‍රාමික එයාර් වයිස් මාෂල් සම්පත් තුයියකොන්තා, ජාතික ජන බලවේගයේ ජාතික විධායක සභික වසන්ත සමරසිංහ සහ විශ්‍රාමික මේජර් ජෙනරල් අරුණ ජයසේකර යන අයද සමුළුව ඇමතූහ.

ජාතික ජන බලවේගයේ නායක අනුර දිසානායක

“පුද්ගලයන් පසුපස ගිය කාලය අවසන් කර මේ රටත්, ජනතාවත් හෙළා තිබෙන විනාශයෙන් බේරා ගන්න අපි හැමෝම සාමුහික ප්‍රයත්නයක් දැරිය යුතු වෙනවා. ඒ වෙනුවෙන් වැදගත් සමුළුවක් නියෝජනය කරමින්, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ විශාල පිරිසක් මේ අවස්ථාවට සහභාගි වී සිටිනවා. ඔවුන් ඔප්පු කර තිබෙන්නේ වෘත්තියෙන් විශ්‍රාම ගියත්, මේ මවුබිමත්, මේ රටේ ජනතාවත් වෙනුවෙන් කළ යුතු කාර්යයෙන් විශ්‍රාම නොයන බවයි. මේජර් ජෙනරල් කෙනෙක් විශ්‍රාම ගිහින් සාමාන්‍ය සොල්දාදුවෙක් හැටියට ආපසු හමුදාවට නොබැඳුණත්, ජනාධිපතිවරුන් විශ්‍රාම ගිහිල්ලා, ආයෙත් පාර්ලිමේන්තු මන්ත්‍රී කෙනෙක් වෙලා ඇවිත් වාඩි වෙලා ඉන්නවා. බලය සහ බලය මත ගොඩනැඟෙන දූෂණය නිසා එහෙම කරනවා. හමුදාවෙන් පැනලා ගිය අයට විශ්‍රාම වැටුප් ලැබෙන්නේ නැහැ. නමුත්, අපේ රටේ දේශපාලනයේ කැතකම කියන්නේ එහෙම ගිහින් දේශපාලනයට ආව අයට විශ්‍රාම වැටුප දෙනවා. අපේ රට කැත, කිළිටි තැනක් බවට පත්ව තිබෙන දේශපාලනයෙන් මේ රට යහපත් තැනක් හැටියට ගොඩනඟන්නේ නැහැ. ජාතික ජන බලවේගය ගොඩනඟා තිබෙන්නේ කැත, කිළිටි, විනාශකාරී දේශපාලනයෙන් අපේ රට මුදා ගන්න. සහතික වශයෙන්ම අපි ඒ කාර්යය ඉටු කරනවා.

අදත් අප අතරේ ජීවත් වෙමින් සිටිය යුතුව තිබූ බොහෝ පිරිසක් අද අපට අහිමි වී තිබෙනවා. මේ රටේ විනාශකාරී දේශපාලනය විසින් ඒ අයව යුද්ධයකට ඇදදාලා, ආබාධිත වීම් වාගේම මිය යාම්වල ඛේදවාචක බවට පත් වුණා. අපට අද වගකීමක් තිබෙනවා, යළි යුද ගැටුම් නොමැති සිංහල, දෙමළ, මුස්ලිම් සමඟිය තහවුරු කළ විශ්වාසය සහ අන්‍යොන්‍ය අවබෝධය තිබෙන ගෞරවනීය රටක් ගොඩනැඟිය යුතුයි. ජාතික ජන බලවේගය ඒ ගෞරවනීය රට ගොඩනඟනවා. මේ රටේ පාලකයන් වලව් කිහිපයකින් බිහි වුණු අතර ප්‍රාදේශීය දේශපාලකයන් තවත් පිරිසකගෙන් බිහි වුණා. කුඩා, දූෂිත පවුල් කිහිපයක් අතර කේන්ද්‍රගත වෙලා තිබුණු බලය ලංකාවේ පළමුවැනි වතාවට පොදු ජනතාවට මාරු වීමේ අවස්ථාව එළැඹී තිබෙනවා. ඒ නිසාම ඡන්ද කල් දමා තිබෙනවා.

අද අපේ රට පාලනය කරන්නේ ජනතාව විසින් තෝරා ගත් නියෝජිතයන් නොවෙයි. පසුගිය කාලයේ මැතිවරණවලදී අපේ ව්‍යාපාරය අඩු ඡන්ද ප්‍රමාණයක් ලබා ගන්න අවස්ථාවල ඔවුන්ට අභියෝගයක් වන මහා ව්‍යාපාරයක් බවට අපි පත්වෙයි කියලා ඒ කිසිවකුත් සිතුවේ නැහැ. අද ඔවුන් ළඟ ව්‍යවස්ථාවේ, කැබිනට් මණ්ඩලයේ, පාර්ලිමේන්තුවේ බලය තිබුණත්, ජනතාවගේ බලය තිබෙන්නේ ජාතික ජන බලවේගයට. ඒ වටා එකතුවී සිටින විශේෂිතම පිරිසක් තමයි, විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකය. ඔබලා සම්බන්ධයෙන් ගෞරවයක්, පිළිගැනීමක් සමාජයේ තිබෙනවා. ඒ නිසා ගම්දනවුවල ජාතික ජන බලවේගය නියෝජනය කරන ඔබලා කෙරෙහි ජනතාවගේ විශාල බලාපොරොත්තුවක් තිබෙනවා. මේ තත්වයට බය වෙන ආණ්ඩුව විවිධ අණපනත් සම්මත කර ගනිමින්, ඔවුන්ගේ බලය පවත්වාගෙන යන්නත් උත්සාහ කරනවා. ‘ප්‍රතිත්‍රස්ත පනත’, ‘විකාශන අධිකාරී පනත’ වාගේ දේවල් ගේන්න උත්සාහ කරනවා. නමුත්, ලංකාවේ පළමුවැනි වතාවට දේශපාලනික වශයෙන් පැහැදිලි බෙදීමක් දැන් ඇති වී තිබෙනවා. පසුගිය කාලයේ බෙදා තිබුණු සිංහල, දෙමළ, මුස්ලම් වාගෙම බෞද්ධ, හින්දු, කතෝලික, ඉස්ලාම් හැටියට සමාජය තීරු තීරු ලෙස බෙදුවා. උතුරෙත්, දකුණෙත්, නැඟෙනහිරත් ජාතිවාදී පදනමෙන් බලය වෙනුවෙන් ජාතිවාදය උපයෝගී කර ගත්තා. නමුත්, පොදු සමාජයේ සියලු දෙනාට ඖෂධ හිඟය, දරු දැරියන්ට අධ්‍යාපනය නොලැබීම, රැකියා අහිමවීම වාගේ පීඩාවන්ගෙන් වෙළී ඉන්නවා.

ලංකාවේ පළමුවැනි වතාවට පොදු ජනතාව සාමුහිකව ඉහළ පැලැන්තියට විරුද්ධව නැඟී සිටියා. පහළ ඉන්න සිංහල, දෙමළ, මුස්ලිම් සියලු දෙනා ඉහළ ඉන්න පාලකයන් දෙස සැකයෙන් බලන්න ගත්තා. අසාධාරණයට, පීඩාවට පත්වී අයුක්තිය, අසාධාරණය දරා නොගන්න මිනිසුන් අවුරුදු හැත්තෑපහක් මේ රට විනාශ කළ පාලක පැලැන්තියට විරුද්ධව නැඟීසිටීම නිසා ඔවුන් ඉදිරියේ බියජනක චිත්‍රයක් ඇඳී තිබෙනවා. මේ නිසා ආයෙත් මේ සමාජය ජාතිවාදී, ආගම්වාදී ගැටුමකට ගෙන යන්න උත්සාහ කරනවා. පැරැණි නාළිකාම කසකාරයන් හැටියට ක්‍රියා කරන හැටි දැන් පැහැදිලියි. අපි කුඩා කාලයේ තඹුත්තේගම ස්ටේෂන් මාස්ටර්, රෝහලේ වෛද්‍යවරයා, මිනින්දෝරු දෙපාර්තමේන්තුවේ ඉංජිනේරුවන් දෙමළ අය. නමුත්, ඒ අයව අසූතුනේ ජාතිවාදී කෝලාහලවලින් දැඩි හිංසනයකට පත් වුණා. සමහර අය ඝාතනය කළා. මේ පාලකයන්ට බලය ලබා ගන්නත්, බලය ආරක්‍ෂා කර ගන්නත් ජාතිවාදය ඕනෑ කළා. ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගත හැකි වුණේ ඒ ජාතිවාදය නිසයි. යාපනයේ පුස්තකාලය ගිනිතැබීම, ද්‍රවිඩ එක්සත් විමුක්ති පෙරමුණට පාර්ලිමේන්තු මන්ත්‍රී ධුර අහිමි කිරීම සහ ජූලි කෝලාහල නිසා ප්‍රභාකරන්ට මරාගෙන මැරෙන බෝම්බකරුවන් නිර්මාණය කර ගැනීමේ ගර්භාෂය හදා දුන්නා. පාස්කු ප්‍රහාරය එල්ල කිරීමටත් පෙර විවිධ ඉස්ලාම් අන්තවාදී ක්‍රියාකාරකම් වාගේම ඊට විරුද්ධ බව කියා ගන්නා ක්‍රියාකාරකම් අපි දැක්කා. නමුත්, පස්සේ හෙළිවුණේ මේ දෙගොල්ලන්ටම එකම ගිණුමකින් සල්ලි වියදම් කළ බවයි. දැනුත් එහෙම නොවෙයි කියන්න ඇති සහතිකය මොකක්ද?

මුස්ලිම් අය සහ සිංහල අය අතර විශාල බෙදීමක් නිර්මාණය කළා. කුඩා පාසල් දරුවන්ට පවා මුස්ලිම් කඩවලට නොයන ලෙස මත වැපිරුවා. බලය ලබා ගැනීම සඳහා අටවන එවැනි කිසිම පන්නයේ උගුලකට අපි ඉඩ නොදිය යුතුයි. පාසලේ එකට ඉගෙන ගන්න සිංහල, දෙමළ, මුස්ලිම් දරුවන් එකට අත්පුඩි ගහන සුන්දර දර්ශනයක් අපට ඕනෑ. ඇමෙරිකාවේ සියවස් කීපයකට පසුව හරි කළු ජාතිකයකු ජනාධිපති වුණා. ඉන්දියාවේ සික් ජාතිකයෙක් ජනාධිපති වුණා. ඉන්දියානු සම්භවයක් සහිත කෙනෙක් එංගලන්තයේ අගමැති වුණා. දියුණු වුණු රටවල පිටුපස තිබෙන්නේ ජාතිවාදී හෝ ආගම්වාදී හෝ නොවී රට ගැන සිතා කටයුතු කිරීමයි. අපේ පරම්පරාව උතුරේද, දකුණේද භේදයකින් තොරව ජාතිවාදයට ඉඩ නොදෙන බවට ස්ථිර අධිෂ්ඨානයක් අපි ඇති කර ගත යුතුයි. මේ පාලකයන් ආර්ථිකය හැදුවා, ප්‍රජාතන්ත්‍රවාදය හැදුවා, නීතියේ ආධිපත්‍යය පිහිටවූවා, අධ්‍යාපනය දියුණු කළා වාගේ කිසිවක් කියන්න බැරි පිරිසක්. ඒ නිසා ඔවුන් උත්සාහ කරන්නේ ජනතාවගේ අධ්‍යාත්මය කොනිත්තලා, සිංහල බෞද්ධකම, ජාතිය බේරා ගන්න ඉස්සරහට එන්න කියලයි. රනිල් පණපොවන්න හදන්නේ මේ විනාශකාරී දේශපාලනයට. පසුගිය කාලයේ දිගටම රනිල් අනුගමනය කළේ ඊට අදාළ ක්‍රියාමාර්ගයි. එයට එරෙහිව ජාතික ජන බලවේගය ජාතික සමඟිය වෙනුවෙන් සහ ආගමික සහජීවනය වෙනුවෙන් ස්ථිර අධිෂ්ඨානයෙන් ක්‍රියා කරනවා. එයිනුත්, ප්‍රධානම කාර්යභාරයක් විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයට පැවරී තිබෙනවා.

අපේ රටේ ආර්ථිකය විශාල අනතුරක තිබෙන්නේ. ළඟදී නිකුත් වුණු වාර්තාවකට අනුව අපේ රටේ ජනගහනයෙන් සියයට අනූතුනක් තමන්ගේ භාණ්ඩ උකස් කර හෝ එහෙම නැත්නම්, කාාගෙන් හෝ ණය අරගෙන එහෙමත් නැත්නම්, දේපළක් විකුණලා හෝ ඉතිරි කරන ලද මුදලක් ආපසු අරගෙන ජීවත් වන තත්වයට වැටිලා. දෛනිකව උපයන ආදායමෙන් ජීවත් වන්න බැරිවී තිබෙනවා. මේ විදියට ණය නොවී ජීවත් වන ඉතිරි සියයට හත කියන්නේ ඒ ගොල්ලෝ. මහ බැංකු වාර්තාවට අනුව ජනගහනයෙන් සියයට 68ක් ආහාර අර්බුදයකට පත්වී සිටිනවා. ඒ වාගේම සියයට හතළිහක් දෙනා අධ්‍යාපනයට දරන වියදම් කපාහැරලා. සෞඛ්‍යයට දරන වියදම් තවත් සියයට හතළිහක් දෙනා කපාහැරලා. සේවක අර්ථසාධක අරමුදලේ සක්‍රියව සිටි ලක්‍ෂ පහකට රැකියා අහිමි වෙලා. සුළු සහ මධ්‍ය පරිමාණ ව්‍යවසායකයන්ගේ දේපළ වෙන්දේසි කරන මටටමට වැටිලා. මේ ව්‍යසනයට වගකියන්න ඕනෑ නැති පොදු ජනතාව ගොදුරු බවට පත් වෙලා, ව්‍යසනයේ නිර්මාපකයෝ එයින් ගැලවී සිටිනවා. අලි සබි්‍ර වාගේ රත්තරන් හොරුන් නිදහස් වෙලා යන හැටි දැක්කාම මේ රට මේ තරමින් හරි බේරිලා තිබෙන එක ගැන සතුටු වෙන්න ඕනෑ. ඩී. එස්. සේනානායකගේ පුතා ඩඩ්ලි සේනානායක දැදිගම ආසනයට මුලින්ම තරග කරන්නේ 1936දී. එදත් ඡන්ද වංචා කරලා තියෙනවා. ඔවුන්ගේ ප්‍රභූත්වය ගොඩනඟාගෙන තිබෙන්නේ මේ රට විනාශ කළ වංචා, දූෂණවලින්. එයට එරෙහිව මේ රට ගොඩනැඟීමේ හොඳම කණ්ඩායම ඉන්නේ ජාතික ජන බලවේගය වටා එකතු වෙලයි.

මේ රටේ ආර්ථිකය, ආරක්‍ෂාව, නාවික කර්මාන්තය, කෘෂිකර්මාන්තය වාගේ දේවල් විතරක් නොවෙයි, ජනතාවට හොඳ අධ්‍යාත්මයක් හදන්න ඕනෑ. කලා කෘතියක් රසවිඳින තෙතමනයක් සහිත මිනිසුන් ඕනෑ. රටක් ගොඩනඟනවා කියන්නේ, මිනිසුන්ගේ සාමුහික අධ්‍යාත්මය, අනෙකා කෙරෙහි වන ගෞරවය, අනෙකා කෙරෙහි විශ්වාසය තබන මිනිසුන් ඕනෑ. දරුවකුට, කාන්තාවකට රැකවරණය නැති හැල්මේ දුවන රටක් තියෙන්නේ. පොදු ප්‍රවාහනය පරිහරණයට කරන කාන්තාවන්ගෙන් සියයට හැත්තෑහයක් එක් වරක් ලිංගික අඩන්තේට්ටම්වලට ලක් වී ඇති බව සමීක්‍ෂණයකින් හෙළි වී තිබෙනවා. තමන්ගේ දියණියට, සොහොයුරියට රැකවරණය නැති මේ වාගේ රටක් ඕනෑද? මේ තත්වය වෙනස් කරන්න පොලිසිය දාලා බැහැ. සමාජය යහපත් වෙන්න ඕනෑ. රන් ගෙල බැඳි කන්‍යාවක් දෙවුන්දරතුඩුවේ සිට පේදුරුතුඩුව දක්වා රාත්‍රියක තනිවම ගමන් කළ හැකි ආරක්‍ෂිත තත්ත්වයක් ඉතිහාසයේ තිබුණා. ඒ ආරක්‍ෂාව ලබා දුන්නේ සමාජයෙන්. අද නීතියක් නැති, රැකවරණයක් නැති තත්වයට රට හෙළා තිබෙන්නේ මේ දේශපාලනය විසිනුයි. ලෝකයේ ඉදිරියට යන්න සාමුහික ශික්‍ෂණයක් තිබෙන සමාජයක් තුළින්. එවැනි අධ්‍යාත්මයක් සහිත ශික්‍ෂණයක් සහිත රටක් අපි ගොඩනඟන්න ඕනෑ. එහෙම නැතිව මොන තරම් ආර්ථික වර්ධනයක් තිබුණත්, මොන තරම් ඉහළ අධ්‍යාපනයක් තිබුණත් වැඩක් වෙන්නේ නැහැ. ජාතික ජන බලවේගය එවැනි ශික්‍ෂණයක් සහිත රටක් ගොඩනඟනවා.

විනාශකාරීත්වයේ පතුලටම වැටී තිබෙන රට ගොඩගත හැකියි. ත්‍රිවිධ හමුදා සාමුහිකයේ ඉන්නේ බොහෝ අනතුරුවලට මුහුණ දුන් බොහෝ අභියෝග ජය ගත් පිරිසක්. අපි ඔක්කොම එකට එකතු වෙලා අවුරුදු කිහිපයක් කැපකිරීම් කර මේ රට ලෝකයේ දියුණුම රාජ්‍යයක් බවට ගොඩනඟමු. අපි මැරෙන කොට අපේ දරුවන්ට සුන්දර රටක් ගොඩනඟන්න කැප වුණා කියන සුන්දර සිතුවිල්ල සහිතව වැඩ කරමු කියලා සියලු දෙනාට ආරාධනා කරනවා.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?