Latestදේශීය

හමුදා විනය රැකගනිමින් ජාතික ජන බලවේග රජයක් යටතේ රට ‌ගොඩනගමු

“එදා පාලකයන් කීවේ යුද්ධය නිසා දරන වියදම් අසීමිතයි කියලා. රට දියුණු කරන්න බැරි ඒ නිසා බව කිවුවා. යුද්ධය ඉවර කළාම රට සංවර්ධනය කරන තුරු ජනතාවට පටි තද කර ගන්න කීවා. අපි අපේ පවුල් අමතක කර ජීවිත අහිමි කර ගනිමින්, රට බේරා ගත්තා. එහෙවු රටක මේ පාලකයන් මොකද කළේ? අපේ දරුවන්ට හරි අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් ලබා දීමේ හැකියාවවත් අද අපට තිබෙනවාද? රට හිඟමනෙන් හිඟමනට ඇදලා දාලා තියෙන්නේ, අපේ ඡන්දයෙන් බලය ගත්ත දේශපාලනඥයන්. අපි වරද්දා ගත් තැන් හදා ගන්න, මේ මජර දේශපාලන සංස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න අපි පෙළගැහෙන්න ඕනෑ.” යැයි විශ්‍රාමික රියර් අද්මිරල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න අවධාරණය කරයි.

ඔහු මේ බව අවධාරණය කර සිටියේ ඊයේ (18) පැවති විශ්‍රාමික ත්‍රිවිධ හමුදා සාමුහිකයේ අනුරාධපුර දිස්ත්‍රික් සමුළුව අමතමිණි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ විශ්‍රාමික රියර් අද්මිරල් ෆ්‍රෙඩ් සෙනෙවිරත්න,

“විශ්‍රාමික ත්‍රිවිධ හමුදා නිලධාරියකු හට දේශපාලන වේදිකාවක කතා කරන්නට ලැබීම අවශ්‍යම දෙයක් බව මම හිතනවා. විශ්‍රාමික කියන්නේ යම් කාර්යයක නියැළී සිටීමෙන් පසුව නිදහසේ ඉන්න පිරිසක් කියන අදහසයි. නමුත්, අපට එහෙම දැනෙනවාද? වෙනත් රටක නම්, විශ්‍රාමික හමුදා සාමාජිකයකු හෝ රජයේ සේවකයෙක් මොන ආකාරයට කාලය ගත කරනවා ඇතිද? ඔවුන්ට ජීවත් විය හැකි වටාපිටාවක් ඒ රජයන් විසින් බිහි කර තිබෙනවා. විශ්‍රාමිකයන් තම සතුට වෙනුවෙන් සැනසීම වෙනුවෙන් යම් කටයුත්තක් කරමින්, රටේ ආර්ථීකයටත් දායක වෙනවා. නමුත්, අපි ජීවත් වීම සඳහා දුක්ඛිත තත්වයක ඉන්නේ. රට බංකොළොත් වීමත් සමඟ දරා ගන්න බැරි ජීවන වියදමක ඉන්නේ. මේ නිසා රුපියල් එක්දහස් පන්සියයක් වාගේ ඉතාම අඩු වැටුපකට දවස පුරාම වෙහෙසෙනවා වෙන්න පුළුවන්. මේ නිසා අපි කිසි කෙනකුට රෑට සැනසීමෙන් නිඳාගන්න හැකියාවක් නැහැ.

එදා පාලකයන් කීවේ යුද්ධය නිසා දරන වියදම් අසීමිතයි කියලා. රට දියුණු කරන්න බැරි ඒ නිසා බව කිවුවා. යුද්ධය ඉවර කළාම රට සංවර්ධනය කරන තුරු ජනතාවට පටි තද කර ගන්න කීවා. අපි අපේ පවුල් අමතක කර ජීවිත අහිමි කර ගනිමින්, රට බේරා ගත්තා. එහෙවු රටක මේ පාලකයන් මොකද කළේ? අපේ දරුවන්ට හරි අධ්‍යාපනයක්, සෞඛ්‍යයක් ලබා දීමේ හැකියාවවත් අද අපට තිබෙනවාද? රට හිඟමනෙන් හිඟමනට ඇදලා දාලා තියෙන්නේ, අපේ ඡන්දයෙන් බලය ගත්ත දේශපාලනඥයන්. අපි වරද්දා ගත් තැන් හදා ගන්න, මේ මජර දේශපාලන සංස්කෘතිය අනිවාර්යයෙන්ම වෙනස් කරන්න අපි පෙළගැහෙන්න ඕනෑ. දේශපාලන භාවිතය තුළින් අදූෂිත බව ඔප්පු කර තිබෙන, මිනිසුන්ගේ සිතුම් පැතුම් තේරුම් ගත් ජනතා හිතවාදී දේශපාලනය ව්‍යාපාරය ජාතික ජන බලවේගය පමණයි. ඒ නිසා විශ්‍රාමික සාමුහිකය විදියට අපි ඔවුන් වටා පෙළගැසී ජාතික ජන බලවේගයේ ආණ්ඩුවක් පිහිටුවීමට ක්‍රියා කළ යුතුයි. අපගේ හැකියාව, අපගේ අදූෂිතභාවය, අපගේ කැපවීම ජාතික ජන බලවේගයට ආභරණයක් වේවි. අප හැදුණු වැඩුණු හමුදා විනය රැකගනිමින්, ජාතික ජන බලවේගයේ රජයක් යටතේ රට ගොඩනඟන්න පෙළගැසෙමු.”

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?