Latestදේශීය

කළු සල්ලි සුදු කළ බැසිල් තියරිය සහ වැටුප් සේවකයින්ට බදු ගැසූ රනිල් තියරිය

බැසිල් රාජපක්ෂ මුදල් ඇමති ලෙස 2021 සැප්තැම්බර් මාසයේ 07 දින පාර්ලිමේන්තුවේ සම්මත කර ගන්නා ලද කලු සල්ලි සුදු කිරීමේ පනත අනුව 2022 වර්ෂයේදී අති විශාල මුදල් ප්‍රමාණයක් විශුද්ධිකරණය කර ඇති බව අනාවරණය වේ.

මුදල් අමාත්‍යංශයේ 2022 වාර්ෂික වාර්තාවෙන් මේ බව තහවුරු කෙරෙන දත්ත ඉදිරිපත් කර තිබේ. “ස්වේච්ඡාවෙන් හෙළිදරව් කිරීම මත බද්ද” යනුවෙන් එය නම්කර ඇති අතර ඒ මගින් අපේක්ෂා කරන ලද බද්දට වඩා බද්දක් උපයා ගෙන ඇත. 2022 වසරේදී රුපියල් කෝටි 390ක් එමගින් උපයා ගැනීමට ඇස්තමේන්තු කර තිබූ අතර එය ඉක්මවා රුපියල් කෝටි 397කට (රු. 3,969,890,410/- )ආසන්න මුදලක් උපයා ගෙන තිබේ.

ඒ මගින් 2021 දී රුපියල් 174,616,959ක් උපයා ගෙන තිබූ අතර එය 2022දී අති විශාල වශයෙන් ඉහල ගොස් තිබේ. කලු සල්ලි ජාවාරම්කරුවන් විසින් රජයට 1%ක බද්දක් ගෙවීමෙන් පසුව අදාළ මුදල් නීත්‍යානුකූල කර ගත හැකි පරිදි මූල්‍ය විශුද්ධිකරණ නීති සංශෝධනය කරනු ලැබීය.
රජයට එකතු 1%ක බදු මුදලට අනුව 2022 වර්ෂය තුළදී පමණක් දළ වශයෙන් රුපියල් කෝටි 39,698 ක් (රුපියල් බිලියන 397ක්) පමණ මුදලක් ජාවරම්කරුවන් විසින් විශුද්ධිකරණය කර ගෙන තිබේ. මෙලෙස කළු සල්ලි සුදු කිරීමට ඉඩ සැලසීමෙන් නීත්‍යානුකූල බදු ගෙවන්නන් හට දැඩි අසාධාරණයක් සිදුවන බව එවකදී ජාතික ජන බලවේගයේ මන්ත්‍රීවරුන් අවධාරණය කර තිබිණි.

කලු සල්ලි ජාවාරම්කරුවන් හට 1%ක බද්දක් ගෙවීමේ අවස්ථාව රාජපක්ෂ පාලන සමයේදී ලබාදුන් අතර පොහොට්ටුවේ මන්ත්‍රීවරුන් විසින් පත්කර ගෙන සිටින රනිල් වික්‍රමසිංහ යටතේ මාසික වැටුප් ලබන්නන්ගේ ආදායම මත 36% දක්වා අති විශාල බදු බරක් පටවා තිබේ.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?