Latestදේශීය

‘ ජාතික වාහන පෙරහැර ‘

” Industry 2023 ” ජාතික කර්මාන්ත ප්‍රදර්ශනයට සමගාමීව කර්මාන්ත අමාත්‍යාංශය හා ලංකා කාර්මික සංවර්ධන මණ්ඩලය එක්ව සංවිධානය කළ නිෂ්පාදන ආයතන 26 ක දේශීයව එකලස් කළ වාහන 150 කට අධික ප්‍රමාණයක් සහිත දැවැන්ත ‘ ජාතික වාහන පෙරහැර ‘ කර්මාන්ත හා වැවිලි කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගියදා පැවැත්විය.

ගාලු මුවදොර පිටියෙන් ආරම්භ කර පිට කොටුව, මරදාන, බොරැල්ල, කනත්ත වටරවුම හරහා බණ්ඩාරණායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රය වෙත පැමිණි මෙම වාහන පෙරහැර ශ්‍රි ලංකාවේ රථවාහන නිෂ්පාදන කර්මාන්ත ක්ෂේත්‍රයේ ඉදිරි ගමන්මග නිරූපනය කරනු ලැබීය.

2021 වර්ෂය වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් 4 දෙනෙක් පමණක් මෙරට තුළ වාහන එකලස් කිරීමේ නිරත වුවද 2021 දී කර්මාන්ත අමාත්‍යාංශයේ මූලිත්වයෙන් සම්මත මෙහෙයුම් පටිපාටිය හදුන්වාදීමෙන් පසුව මේ වන විට වාහන එකලස් කිරීමේ නිෂ්පාදකයන් 26 දෙනෙක් තම නිෂ්පාදන ආරම්භ කර ඇත. ඒ අනුව මෝටර් රථ, ත්‍රී රෝද රථ, බයිසිකල්, මෝටර් බයිසිකල්, ජීප් රථ, බර වහන ඇතුළු විවිධ වර්ගවල වාහන රැසක් අගය එකතු කරමින් එකලස් කර දේශිය මෙන්ම විදේශීය වෙළඳපළට ඉදිරිපත් කිරීමට හැකිවී ඇත.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?