Latestදේශීය

රනිල් තමයි එකම වැඩ්ඩා – අපි බය නැහැ

‘මීට වසරකට පෙර ලෝකයා අපේ රට ‍දිහා බැලුවේ ඉතියෝපියාව දිහා බලනව වගේ. නමුත් වසරකට පස්සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර අරගෙන රට යථා තත්ත්වයට පත්කරල තිබෙනවා’ යයි මහනුවර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අලුත්ගමගේ මහතා සඳහන් කරයි.

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ නාවලපිටිය ආසන බලමණ්ඩල රැස්වීමට සහභාගී වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

අලුත්ගමගේ මහතා මෙසේද පැවසීය.

මීට වසරකට පෙර ලෝකයා අපේ රට ‍දිහා බැලුවේ ඉතියෝපියාව දිහා බලනව වගේ. නමුත් වසරකට පස්සේ වත්මන් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා අභියෝගය භාර අරගෙන රට යථා තත්ත්වයට පත්කරල තිබෙනවා. දැන් මිනිස්සුන්ට නිදහසේ හුස්ම ගන්න පුළුවන්. එදා ගෝඨාභය රාජපක්ෂ ජනාධිපතිතුමා ඉවත්වෙනකොට ඒ තනතුරට වත්මන් ජනාධිපතිතුමා පත්කරන්න ගත්තු තීරණය සම්බන්ධයෙන් අපි සතුටට පත්වෙනවා.

මොන දේශපාලන මතිමතාන්තර තිබුණත් අපි මේ වෙලාවෙ රට ගැන හිතන්න ඕන. අපිට පුද්ගලික දේශපාලන න්‍යායපත්‍ර නැහැ. මේ වෙලාවේ අපි ඉන්න ඕන රට ගොඩගන්න දේශපාලන න්‍යායපත්‍රයේයි. ඒ නිසා කොන්දේසි විරහිතව අපි රනිල් වික්‍රමසිංහ මහතාට සහය ලබාදුන්නා. ඉදිරි වසර දෙකහමාරතුළත් රට ගොඩගෙන ආර්ථිකය ස්ථාවර කරන්නත් අපි ඔහුට මහය ලබාදෙනවා. ඒ විතරක් නෙමෙයි ගෝඨාභ්‍ය රාජපක්ෂය වෙච්ච දේ රනිල් වික්‍රමසිංහ මහතාට වෙන්නත් අපි ඉඩ තියන්නේ නැහැ.

රට ගොඩගන්න, මිනිස්සු ජීවත්කරන ජනාධිපතිතුමාගේ වැඩ පිළිවෙලට සහය දෙන ගමන්ම ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ දේශපාලන වශයෙන් ශක්තිමත් වෙන්න ඕන. පසුගිය කාලයේදි ෆේස්බුක් එකේ ජනාධිපතිවෙලා හිටියේ අනුර කුමාර දිසානායක මහතායි. ඔහු දිගින් දිගටම රැස්වීම් තියාගෙන ගියා. අනුරගෙ රැස්වීම්වලට ජන ගඟක් කියල මාධ්‍යයේ පළවුණා. නාවලපිටියේ අපි අනුරගෙ රැස්වීමට හොඳම තැනක් දුන්නා. ඒ රැස්වීමට 950ක් විතර ආවා. නාවලපිටියේ රැස්වීමට දිස්ත්‍රික්ක තුනකින් සෙනඟ ගෙනාව. අරගලය වෙලාවේ මිනිස්සු ගෙනාවේ බයකරල.

අරගලයට නායකත්වය දුන්න සංවිධාන අටකට පිටරටින් ඇමරිකානු ඩොලර් බිලියන 8ක මුදලක් ලැබුණු බව පුවත්පත්වල පළව තිබෙනවා. මිනිස්සු දැන් මේව දන්නවා. ජනතා විමුක්ති පෙරමුණ කියන්නේ අන්තවාදීන් එක්ක කටයුතු කරන ත්‍රස්තවාදී සංවිධානයක්. මම ඒක හැමදාම කියනවා. 2009 දි ප්‍රභාකරන් මරන්න කටයුතු කරනකොට අයවැය පරාජය කරන්න කටයුතු කළේ  ජනතා විමුක්ති පෙරමුණයි. එදා මහින්ද මහත්තය පැරදුණානම් යුද්ධය තවමත් තියෙනවා. පාස්කු ප්‍රහාරයේ මහ මොළකරුගේ පියා ජාතික ලැයිස්තුවට නම්කළේත් ජනතා විමුක්ති පෙරමුණයි.

අනුරට තියෙන්නේ ඡන්ද තුනයි. කතාව පාර්ලිමේන්තුවේ 150ක් ඉන්නව වගේ. දැන් බඩු මිල අඩුයි, ඉන්ධන මිළ අඩුයි, විදුලිය දෙනව. ඒ නිස අද අනුරලාට ජනතාව අතරට එන්න මාතෘකා නෑ. මාධ්‍ය මර්ධන පනතක් අල්ලගෙන ඒකෙන් ගොඩ යන්න අනුරල හදනවා. මාධ්‍ය මර්ධනයක් වෙනව නම් අපිත් එතන නැහැ. නමුත් මාධ්‍ය නියාමනයක් සිදුවිය යුතුයි. එතන අපි ඉන්නවා.

සජිත් ප්‍රේමදාස මහතා හැමදාම පාර්ලිමේන්තුවට ඇවිල්ලා කියවනවා. මිනිහ පත්තර මල්ලි වගේ. සජිත් නැඟිටිනකොට අපේ මන්ත්‍රීවරුන්ගෙන් භාගෙට භාගයක් නැඟිටල යනවා. ඇවිදින්නෙත් ජනාධිපති වගේ. හෙට අනිද්දට ඔහුගෙ පිරිස් රනිල් වික්‍රමසිංහ මහතා ළඟ හිට ගන්නවා. අපේ අයගෙන් බොහෝ දෙනෙක් හෙලිකොප්ටරේ එල්ලිලා. එතන ඉන්න සියයට අසූවකට වැඩි පළාත් පාලන නියෝජිතයන් පිරිසක් නැවත අපි එක්ක එකතු වෙනවා. ඩලස් අලහප්පෙරුම අපෙන් ඡන්දය අරගෙන සජිත් එක්ක සන්ධාන ගහගත්තා. ඒක තමයි ඔහු කරපු ලොකුම වැරද්ද. ද සියළු දෙනා අපිත් එක්ක එකතු වෙමින් ඉන්නවා. අපි බය වෙන්න අවශ්‍ය වන්නේ නැ.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?