Latestදේශීය

එක්ස්ප්‍රස් පර්ල් විනාශය සහ විජේදාස රාජපක්ෂ ප්‍රවේශය

එක්ස්ප්‍රස් පර්ල් නෞකාව ගිනි ගෙන විනාශවීමෙන් මෙරට සාගර සහ ගොඩබිම් පද්ධතියට සිදුවූ අලාභයට වන්දි ලෙස ඩොලර් කෝටි 650ත් 1,000ත් අතර වන්දි මුදලක් ලබා ගැනීමට මේ වනවිට අනුගමනය කරන අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් බරපතළ සැක කටයුතු තැන් ගණනාවක් හෙළිවෙමින් තිබේ.

මෙම වන්දි ලබා ගැනීමටත් පෙර ඩොලර් මිලියන 250ක අල්ලස් මුදලක් ලබා ගෙන ඇති බව අධිකරණ ඇමති විජේදාස රාජපක්ෂ පාර්ලිමේන්තුවේදී හෙළිකර තිබුණත් ඒ සම්බන්ධ කිසිදු පරීක්ෂණයක් මේ දක්වා ආරම්භ කර නැති අතර අදාළ නෞකාව හිමි සමාගමෙන් වන්දි ලබා ගැනීම සඳහා අවශ්‍ය නිර්දේශ ලබා ගැනීමට තව දුරටත් විමර්ශන කරමින් පවතින බව රජයේ නිල වෙබ් අඩවියේ ප්‍රවෘත්තියකින් දැනුම් දී තිබේ. මෙම නෞකා අනතුරෙන් ලංකාවට හිමිවිය යුතු වන්දි ලබා ගැනීම සදහා පුළුල් විමර්ශනයක් ආරම්භ කිරීමට පාර්ලිමේන්තුවේ විශේෂ කාරක සභාවක් පත්කර ඇත. ඇමති රමේෂ් පතිරණගේ සභාපතිත්වයෙන් යුත් එම කාරක සභාව පළමු වරට රැස්වී තිබෙන්නේ ද මෙම මව 20 වෙනිදා ය. අදාළ ප්‍රවෘත්තියේ සඳහන් වන්නේ “එක්ස්ප්‍රස් පර්ල් නෞකා අනතුර සම්බන්ධව සහ ඊට අදාළ නඩු පැවරීම, පරිසර හානිය සහ යම් දූෂණ වංචාවක් සිදුවූයේද යන්නත් මීට අදාළ කටයුතු කරන රාජ්‍ය යාන්ත්‍රනයේ ප්‍රගතිය පිළිබඳවත් සාකච්ඡා කිරීමට අපේක්ෂා කරන බව කමිටු සභාපති අමාත්‍ය රමේෂ් පතිරණ මහතා මෙහිදී පැවසීය. “යනුවෙනි.

මේ අනුව ඉතා හොඳින් පැහැදිලි වන්නේ විජේදාස රාජපක්ෂ ඇමතිවරයාගේ ප්‍රකාශය සම්බන්ධයෙන් කිසිදු පරීක්ෂණයක් මේ දක්වා සිදුකර නැති බවත්, අදාළ වන්දි ලබා ගැනීමේ අධිකරණ ක්‍රියාමාර්ග සම්බන්ධයෙන්ද ප්‍රබල ක්‍රියාමාර්ග කිසිවක් ගෙන නැති බව ය.

@Lanka Truth

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?