Latestදේශීය

නයිට්‍රජන් හේතුවෙන් සෞඛ්‍ය ගැටලු රැසක්

පරිසර අමාත්‍යාංශය හා පේරාදෙණිය විශ්ව විද්‍යාලය එක්ව සංවිධානය කරනු ලබන තිරසර නයිට්‍රජන් කළමනාකරණය පිළිබඳ දෙදින සම්මන්ත්‍රණය කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය ද (22) බත්තරමුල්ල Monarch හෝටලයේ දී ආරම්භ විය.

ජාත්‍යන්තර නයිට්‍රජන් කළමනාකරණ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකාව ද ගිවිසුම් ගත වී ඇති බවත්, එම නිසා අන්තර්ජාතික තිරසර නයිට්‍රජන් කළමනාකරණ ප්‍රතිපත්ති ක්‍රියාත්මක කිරීම සඳහා ශ්‍රී ලංකා රජය බැඳී සිටින බවත් අමාත්‍යවරයා එහිදී අවධාරණය කළේය.

නයිට්‍රජන් බහුලතාවය පාරිසරික වශයෙන් විශාල බලපෑමක් එල්ල කරන අතර කෘෂිකර්මාන්තයේ දී බහුල වශයෙන් යොදන යුරියා පොහොර හේතුවෙන් විශාල නයිට්‍රජන් ප්‍රමාණයක් පරිසරයට එකතු වන බවත් මේ නිසා පැවැති රජය කෘෂිකර්මාන්තයේ දී සියයට සියයක් කාබනික පොහොර ප්‍රතිපත්තිය ක්‍රියාත්මක කිරීම පාරිසරික වශයෙන් යහපත් ප්‍රවණතාවයක් වුවත් අවසානයේ කෘෂිකර්මාන්තය කඩා වැටීමට ලක් වූ බවත් අමාතවරයා එහිදී පෙන්වා දුන්නේය.

එසේම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පොහොර භාවිතයේ දී රසායනික හා හා කාබනික පොහොර යොදා ගැනීම සම්බන්ධව සියලුදෙනාට එකඟවිය හැකි ප්‍රතිපත්තියක් ඉදිරිපත් කළ යුතු බවද අමාත්‍යවරයා කීය.

නයිට්‍රජන් බහුල වශයෙන් පරිසරයට එකතු වීම හේතුවෙන් පාරිසරික මෙන්ම සෞඛ්‍ය ගැටලු රැසක් උද්ගතව ඇති බවත්, එම ගැටලුවලට ශ්‍රී ලංකාව මේ වනවිට මුහුණ දෙමින් සිටින බවත් අමාත්‍යවරයා වැඩිදුරටත් පැවසීය.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?