Latestදේශීය

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීමට විරුද්ධයි : අමාත්‍ය ජී .එල් පීරිස්

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම ජනතාවගේ දෛනික ජීවිතයට බලපෑම් ඇති කළ හැකි බව පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය ජී. එල්. පීරිස් මහතා පවසනවා.

ජී. එල්. පීරිස් මහතා මේ පිළිබඳ වැඩිදුරටත් අදහස් දැක්වමින් පවසා සිටියේ, දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණයට තරයේ විරෝධය පළ කරමින් පාර්ලිමේන්තුවෙදී ඡන්දය ප්‍රකාශ කරන බවයි.

වැඩිදුරටත් අදහස් දැක්වු ඒ මහතා,

දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම සඳහා පාර්ලිමේන්තුවට යෝජනාවක් ඉදිරිපත් කරලා ඒක සම්මත කරගැනීමට අදහස් කරනවා. අපි මොකද්ද මේ කරන්න හදන්නේ. මේ අතිශය රහසිගත නිර්වින්දනයක්. රට, බැංකු පද්ධතිය, කොටස් වෙළෙඳපොළ සියල්ලම නිර්වින්දනය කරලා. මේ නොනගත කාලය පාවිච්චි කරමින් මහා විනාශයක් කරන්න බලාපොරොත්තු වෙනවා රටට රටේ අවධාරණය යොමු නොවන අවස්ථාවක. දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කිරීම දෛනික ජීවිතයට බලපානවා. කම්කටොලු 100 ගුණයක් වැඩිවෙනවා. ඒ ගැන දැනගැනීමට, පිළිබඳ සංවාදයක නිරතවීමට අපේ රටේ ජනතාවට පුර්ණ අයිතියක් තියෙනවා. අපි පාර්ලිමේන්තුවේ මේකට විරුද්ධව ප්‍රබල හඬක් නඟනවා. මේකට විරුද්ධව ඡන්දේ දෙනවා අනිවාර්යයෙන්ම.”

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?