Latestදේශීය

දිමුත් සහ වනිඳු ශ්‍රී ලංකාව සුපිරි 6 දෙනාගේ වටයට රැගෙන යති.

පිට පිට එක්දින තරග 3 කදී කඩුලු 5 කට වැඩියෙන් දවා ගත් ලොව දෙවැනි පන්දු යවන්නා බවට පත්වීමට වනිඳු හසරංග ඊයේ (25) සමත්වුනා. වනිදු හසරංගගේ කඩුලු දඩයමත් දිමුත් කරුණාරත්නගේ මංගල එක්දින ශතකයත් නිසා එක්දින ලෝක කුසලාන තරගාවලියට සුදුස්සන් තේරීම වෙනුවෙන් බුලවායෝහි පැවැත්වෙන සුදුසුකම් ලැබීමේ තරගාවලිය යටතේ අයර්ලන්තයට එරෙහිව පැවැති තරගයෙන් ලකුණු 133 ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායමට හැකියාව ලැබුනා. මෙම ජයග්‍රහණයත් සමඟ තවදුරටත් සිය අපරාජිත බවට රැක ගත් ශ්‍රී ලංකා කණඩායම තරගාවලියේ දෙවැනි තරග වටය වන සුපිරි කණ්ඩායම් 6 අතර තරග වටයටද සුදුසුකම් ලබා ගත්තා.

මෙම තරගාවලියේදී ශ්‍රී ලංකාව මූලික තරග වටයේදී ‘බී’ කාණ්ඩය යටතේ තරග වැදි අතර එහිදී අද තරගය හැරුණු කොට එක්සත් අරාබි එමීර් රාජ්‍යයට එරෙහිව ලකුණු 175 කින් සහ ඔ්මානයට එරෙහිව කඩුලු 10 ක ජයක් වාර්තා කරමින් මීළඟ තරග වටය සඳහා සුදුසුකම් ලබා සිටින්නේ තරගාවලියේ ස්කොට්ලන්තයට එරෙහි තරගය ලබන 27 වැනිදා පැවැත්වීමට නියමිතව තිබියෙ දී වීම විශේෂත්වයක්.

දිමුත් කරුණාරත්නගේ වටිනා ඉනිම ප්‍රධාන කොට ලකුනු 325 ක් ලබා ගැනීමට ශ්‍රී ලංකා පිතිකරුවන් සමත් වද්දී ඊට වඩා වටිනාකමක් එක් කළ වනිඳු හසරංග ප්‍රමුඛ පන්දු යවන්නෝ අයර්ලන්ත ඉනිම පන්දුවාර 31 කදී ලකුණු 192 කට සීමා කරනු ලැබුවා.
ඒ අනුව ශ්‍රී ලංකාව, ඔ්මානය සහ ස්කොට්ලන්තය සමඟින් ‘බී’ කාණ්ඩයෙන් සුපිරි කන්ඩායම් 6 අතර තරග සුදුසුකම් ලබද්දී එක්සත් අරාබි එමීර් පිලට එරෙහි තරගය ඉතිරිව තිබියදීම ඉදිරි ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියට සුදුසුකම් ලබා ගැනීමේ බලාපොරොත්තු බොද කර ගන්නට අයර්ලන්ත පිලට සිදුවුනා.

ශ්‍රී ලංකාව පන්දුවාර 49.5 කදී සියලු දෙනා දැවී ලකුණු 325 යි – (දිමුත් කරුනාරත්න 103, පැතුම් නිස්සංක 20, කුසල් මෙන්ඩිස් 0, සධීර සමරවික්‍රම 82, චරිත් අසලංක 38, ධනංජය ද සිල්වා 42*, දසුන් හානක 5, වනිඳු හසරංග 4, මහීෂ් තීක්ෂණ 0, ළහිරු කුමාර 4, කසුන් රජිත 0, මාර්ක් අඩයර් 46/4, බැරී මැකර්ති 56/3, ගැරත් ඩෙලනි 52/2)

අයර්ලන්තය පන්දුවාර 31 කදී සියලු දෙනා දැවී ලකුණු 192 යි – (ඇන්ඩි මැක්බ්‍රීන් 17, පෝල් ස්ටර්ලිං 6, ඇන්ඩි බැල්බර්නි 12, හැරී ටෙක්ටර් 33, ලෝකන් ටකර් 0, කර්ටිස් කැම්පර් 39, ජෝර්ජ් ඩොකර්ල් 26, ගැරත් ඩෙලනි 19, මාක් අඩයර් 4, බැරී මැකාර්ති 5, ජොෂ් ලිට්ල් 20, වනිඳු හසරංග 79/5, මහීෂ් තීක්ෂණ 29/2)

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?