අයවැය සඳහා අරමුදල් සපයා ගැනීමට ලෝක බැංකුවේ සහය පතයි
අයවැය කටයුතු සඳහා අවශ්‍ය අරමුදල් සපයා ගැනීම වෙනුවෙන් ශ්‍රී ලංකාව සහ ලෝක බැංකුව අතර එකඟතාවයකට එළැඹීමට නියමිතව ඇත.
එම එකඟතාවය යටතේ ශ්‍රී ලංකාවට ලෝක බැංකුවෙන් ඩොලර් මිලියන 500 මුදලක් ලැබීමට නියමිතව තිබෙනවා.
එම අදාළ අරමුදල් ලබාගැනීම සඳහා කැබිනට් මණ්ඩල එකඟතාවය හිමිව ඇත.
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඔස්සේ පසුගිය මාර්තු මාසයේ දී ශ්‍රී ලංකාවට ලබාදීමට එකඟ වූ ඩොලර් 2.9ක විස්තීර්ණ ණය පහසුකමෙන් අනතුරුව මෙරටට ලැබුණු විශාලතම මුල්‍ය සහාය මෙය බවද සඳහන්.
ලෝක බැංකුව මඟින් ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 700ක මුදලක් ලබාදීමට අනුමත කර ඇති බව පසුගිය සතියේ දී ජාත්‍යන්තර මාධ්‍ය වාර්තා කර තිබුණා.
ඒ අනුව ඉතිරි ඩොලර් මිලියන 200ක මුදල සමාජ ආරක්ෂණ වැඩසටහන සඳහා ලබාදෙනු ඇතැයි අපේක්ෂා කෙරේ.
Discover more from cmn.lk
Subscribe to get the latest posts sent to your email.

