Latestදේශීය

මැතිවරණ කොමසාරිස් ශ්‍රේෂ්ඨාධිකරණයට කැදවයි

පළාත් පාලන ඡන්ද විමසීම කල්දැමීමට එරෙහිව ජාතික ජන බලවේගය විසින් ඉදිරිපත් කළ මූලික අයිතිවාසිකම් පෙත්සමට අදාලව ලබන 14 වනදා ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ පෙනී සිටින ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල මැතිවරණ කොමිසමේ නිලධාරීන්ට නොතීසි නිකුත් කර තිබේ.

ඒ එම පෙත්සම ඊයේ (27) ශ්‍රේෂ්ඨාධිකරණ පංච පුද්ගල විනිසුරු මඩුල්ල හමුවේ කැඳවූ අවස්ථාවේදීය.

පාර්ලිමේන්තු මන්ත්‍රී හරිනි අමරසූරිය, හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති, ජාතික ජන බලවේග ලේකම් නිහාල් අබේසිංහ විසින් මෙම පෙත්සම ගොනු කර තිබූ අතර නීතිපති, අගමැති ප්‍රමුඛ කැබිනට් මණ්ඩලය, මහා භාණ්ඩාගාරයේ ලේකම්, මුද්‍රණාලයාධිපතිනිය, පොලිස්පති ඇතුළු පිරිසක් මෙහි වගඋත්තරකරුවන් ලෙස නම් කරනු ලැබ තිබේ.

@sinhala.adaderana.lk

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?