අත්‍යාවශ්‍ය විශේෂඥ වෛද්‍යවරු 50%ක් නැහැ
ලබන වසර දෙක සඳහා ඇස්තමේන්තුගත කර ඇති විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංඛ්‍යාවෙන් මේ වනවිට රට තුළ සිටින්නේ 50%ක පමණ ප්‍රමාණයක් බව විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමය සදහන් කරනවා.
එම සංගමයේ මාධ්‍ය ප්‍රකාශක විශේෂඥ වෛද්‍ය අශෝක ගුණරත්න මහතා මේ බව සදහන් කරනු ලැබුවා.
ඒ මහතා වැඩිදුරටත් සදහන් කරන්නේ,රාජ්‍ය සේවකයන්ගේ විශ්‍රාම ගැන්වීමේ වයස් සීමාව වයස අවුරුදු 60දක්වා පහත දැමීමට රජය කටයුතු කිරීම හරහා ද විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟය වැඩි වන බවයි.
හදිසි අනතුරු අංශය සඳහා පුහුණු කර විශේෂඥ වෛද්‍යවරුන් ලෙස පත් කළ 30 දෙනෙකුගෙන් මේ වනවිට 20 දෙනෙකු රට හැරගොස් ඇති බව ද එම සංගමය වැඩි දුරටත් පවසනවා.
ඊට අමතරව නිර්වින්දන විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් 30 දෙනෙකු ද මේ වනවිටත් රට හැර ගොස් තිබෙනවා.
Please follow and like us: