Latestදේශීය

නැවත ආර්ථික අර්බුදයක් නැහැ

දේශීය ණය ප්‍රශස්තකරණ යෝජනාවලිය මේ රටේ කිසිදු පුරවැසියෙකුට අවිනිශ්චිත භාවයක් හෝ හානියක් ඇති නොවන යෝජනාවක් මෙන්ම මේ රට ඉදිරියට ගෙන යන යෝජනාවක් බව මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා ඊයේ (01) පාර්ලිමේන්තුවේදී පැවසීය.

එම නිසා මේ සඳහා විරුද්ධ වීමට කිසිදු මන්ත්‍රිවරයෙකුට සදාචාරාත්මක අයිතියක් නොමැති බවද හෙතෙම පැවසීය. දේශීය ණය ප්‍රශස්තකරණය සම්බන්ධයෙන් අද පැවැත්වෙන පාර්ලිමේන්තු විවාදය ආරම්භ කරමින් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා මේ බව සඳහන් කළේය.

වැඩිදුරටත් අදහස් දක්වමින් රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ,

මෙම ඉදිරිපත් කර තිබෙන යෝජනාවලිය තමයි ඉතාම සාර්ථකම යෝජනාවලිය. විපක්ෂය මීට විරුද්ධ වන්නේ ඔවුන් ඉදිරිපත් කළ යෝජනාවට විරුද්ධ යෝජනාවලියක් ඉදිරිපත් කළ නිසා.විපක්ෂය බලාපොරොත්තු වුණේ මේ රටේ තැන්පත්කරුවන්ගේ මුදල් සහ පොළිය කපා දමලා, භාණ්ඩාගාර බැඳුම්කර සහ භාණ්ඩාගාර බිල්පත්වල ආයෝජනය කළ අයගේ විෂ්වාසය බිඳ දමමින් , අර්ථසාධක අරමුදල සහ විශ්‍රාම වැටුප් ආයෝජනය කර තිබෙන බැඳුම්කර වල කැපීමක් ඇතිවෙයි කියලා. මෙරට තැන්පත්කරුවන් තුළ චකිතයක් ඇති කර බැංකු පද්ධතිය මහ දවල් කඩාගෙන වැටෙයි කියා තමයි බලාපොරොත්තු වුණේ. ආර්ථිකය බිමට සමතලා කරමින් ජනතාව පාරට ගෙනත් රට අස්ථාවර කිරීම තමයි අරමුණ වුණේ.

ණය ප්‍රශස්තකරණයට පාදක වූ ප්‍රධාන කාරණා තුනක් තිබෙනවා. දළ දේශීය නිෂ්පාදිතයෙන් 128%ක් වූ ණයබරතාවය 2032 වෙද්දි 95%ක් දක්වා අඩු කිරීම. දළ මූල්‍ය අවශ්‍යතාවය අද දළ දේශීය නිෂ්පාදනයෙන් 36.6%ක් තියෙනවා. මෙහි වාර්ෂික සාමාන්‍ය 2027-32 වන විට 13% දක්වා අඩු කිරීම සහ විදේශීය ණය සේවාකරණය 2022 වසරේ දළ දේශිය නිෂ්පාදනයේන් 9.4% වුණා. මෙය 4.5% දක්වා අඩුකර ගැනීම යන කරුණුයි.

ණය හිමියන්ගේ විශ්වාසය ගොඩ නගා ගැනීමට ආර්ථික ප්‍රතිසංස්කරණ රාශියක් පසුගිය මාසයේ සිදු කළා. මෙම සෑම ප්‍රතිසංස්කරණයක්ම මෙම පාර්ලිමේන්තුව දැනුවත් කරමින් අනුමැතිය අරන් සිදු කළා.මෙහි සම්පූර්ණ ණය තිරසාර භාවය ඇති කිරීමට සහ විදේශීය වශයෙන් සම්පූර්න විශ්වාසය ඇති කිරීමට දේශීය ණය ප්‍රශස්තරකරණය ඇරඹීමට සිදු වුණා.

දළ ජාතික නිෂ්පාදිතයේ 16.8% ගැළපීමක් කරන්න තිබෙනවා. විදෙස් ණය ප්‍රතිව්‍යහගතකරණය පමණක් අපට ප්‍රමාණවත් වන්නේ නැහැ. ණය ගැළපීම 12.7%දක්වා අඩු කර ගැනීමට දේශීය ණය ප්‍රශස්තකරණය අත්‍යාවශ්‍යයි.

වැඩිදුරටත් අදහස් දක්වමින් අමාත්‍යවරයා පෙන්වා දුන්නේ රටේ ජනතාවට සහ බැංකු පද්ධතියට හානියක් නොවන ආකාරයට මෙම ප්‍රශස්තකරණය සිදු කිරීමට හැකි වුණේ මහ බැංකුව මෙහි වගකීම භාර ගත් නිසා බවයි.

පසුගිය සතියේ ජනතාව මහත් තැති ගැන්මෙන් හිටියේ තමන්ගේ තැන්පතු පිළිබඳව. නමුත් බැංකු පද්ධතිය හානියට පත් නොවන ආකාරයට මෙම ප්‍රශස්තකරණය සිදු කළා. බැංකු විසින් 50%කට ආසන්න බදු රජයට ගෙවීමක් සිදු කර තිබෙනවා.

විශ්‍රාම වැටුප් සහ සේවක අර්ථ සාධක අරමුදල සම්බන්ධයෙන් ද අදහස් දක්වමින් ශෙහාන් සේමසිංහ රාජ්‍ය අමාත්‍යවරයා පැවසුවේ, 2018න් පසු ETF එක 14% බද්දක් තමයි ගෙව්වේ. මේ සම්බන්ධයෙන් ජනාධිපතිවරයා දීර්ගව සාකච්ඡා කළා. ප්‍රතිලාභියාට මෙමගින් කිසිදු අඩු වීමක් සිදු වන්නේ නැහැ.

70% ක තිබුණ උද්ධමනය මේ වන විට 12% දක්වා අඩු වී තිබෙනවා. මෙම ප්‍රශස්තකරණ වැඩපිළිවෙළ තුළ වෙළෙඳපොළ තුළ විශ්වාසයක් ඇති වී තිබෙනවා. වෙළෙඳපොළ ක්‍රියාකාරිත්වයට රජය අනිසි බලපෑමක් කරන් නැහැ. මෙතන ප්‍රශ්නය ඊඵීඑෆ් එක ගැන නෙමේ. ගිය සතියේ විද්‍යුත් නාළිකා බලන්න. බැංකු ටික අගහරුවාදා ක්‍රියාත්මක වෙද්දී තමන්ගේ තැන්පතු සතයක්වත් නැති වෙයි කියලා හිතුවේ. මෙම බලාපොරොත්තුව විපක්ෂයට ඉටු කර ගැනීමට නොහැකි වුණා.

@Media unit

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?