Latestදේශීය

ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා හොඳ විකල්පයක් ඇත්නම් ඉදිරිපත් කරන්න – අධිකරණ ඇමැති

ණය ප්‍රතිව්‍යුහගතකරණයට වඩා හොඳ විකල්පයක් ඇත්නම් ඉදිරිපත් කරන්නැයි විපක්ෂයෙන් ඉල්ලා සිටින බව අධිකරණ, බන්ධනාගාර කටයුතු හා ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ ඇමැති, ආචාර්ය විජේදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පැවැසීය.

එසේ ඉදිරිපත් කරන්නේ නම් ජනාධිපතිවරයාගෙන් එය ක්‍රියාත්මක කරන්නැයි ඉල්ලා සිටින බවත් එහෙත් එවැනි විකල්පයක් ඉදිරිපත් කිරීමට විපක්ෂයට නොහැකි බවත් හෙතෙම කීවේය.

ණය ප්‍රතිව්‍යුහගතකරණය පිළිබඳ විවාදයට එක්වෙමින් ඇමැතිවරයා මෙසේද සඳහන් කළේය.

මේ අරන් තිබෙන්නේ හොඳම විකල්පය බව තමන්ට වඩා හොඳට හර්ෂද සිල්වා මහතා දන්නා බව පැවැසූ ඇමැතිවරයා එය ප්‍රකාශ කළේ හර්ෂ ද සිල්වා මහතා අමාරුවේ දැමීමට නොව ඔහුට ගරු කිරීමක් වශයෙන් බවද කියා සිටියේය.

ඇමැතිවරයා වැඩිදුරටත් මෙසේද පැවැසීය.

අපේ රටේ ආර්ථිකය කඩා වැටුණා. රට බංකොළොත් වූණා. ඒක ජනතාව දන්න පොදු කාරණයක්. ඒ නිසා තමයි ජනාධිපතිවරයා ප්‍රමුඛ ආණ්ඩුව මේ ජනතාවගේ අනාගතය පිළිබඳ වගකීම බාරගත්තේ. අපි මෙය බාරගත්තේ පසුගිය වසරේ මැයි මාසයේ උද්ධමනය සියයට 97කට ගිහින් තිබුණා. පැය 13ක් විදුලිය කැපුවා. අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය නැතුව තිබුණාත ඉන්ධන ලබාගන්න දවස් පහක, හයක පෝලිම්වල ඉන්න උනා. භාණ්ඩාගරයේ සල්ලි තිබුණෙත් නැහැ.

විපක්ෂයට බාර ගන්න කිව්වා. බාර ගත්තේ නැහැ. ඒ නැති තැන තමයි අපි මෙය බාර ගත්තේ. ඒ සැලැස්මක් අනුව. අපි කිව්වා 2023 අවසන් වෙන්න කලින් 97ක් ව තිබුණ උද්ධමන වේගය තනි ඉලක්කමකට ගේනවා කියලා. එහි ආහාර උද්ධමනය සියයට 4කට ගෙනත් තිබෙනවා. අපේ රටේ ආර්ථිකය ක්‍රමනාකූලව දුර්වල වෙමින් ආව. විදේශීය හා දේශීය ණය එන්න එන්න වැඩි වුණා. 2019 දි ජනාධිපතිවරයා ගත්ත තීන්දු තීරණ දෙක තුනක් නිසා මෙය එක පාරටම ආර්ථිකයට දැනේන ගත්තා. ඉන් එකක් තමයි ආදායම් බඳු සම්බන්ධව දුන්න සහනය. එය ජනතාව ඉල්ලපු එකක් නෙවෙයි. අනිත් එක පොහොර ප්‍රතිපත්තිය. සමහරු කියනවා දීර්ග කාලයක සිට දේශපාලන නායකයෝ කරපු වැරැදි නිසා මෙහෙම වුණේ කියලා. අපි ඒ අයගෙන් ඇහුවම ඩී. එස් සේනානායක, බණ්ඩාරනායක, සිරිමාවෝ බණ්ඩාරනායක සහ ඩඩ්ලි සේනානායක නායක නායිකාවෝ කළ හොරකම සහ වංචාව මොකක්ද කියළා. එහෙම පෙන්වන්න එකක් නැහැ.එය මාධ්‍යයට කුණු එකතු කරන මාතෘකාවක් වෙලා තියෙනවා. ඊට පස්සේ 225ම හොරු කිව්වා. අපි එය පෙන්වන්න කිව්වම නම් කිහිපයක් කියාවි. එහෙත් හැමෝටම එහෙම කියන එක සාධාරණ නැහැ. ජනප්‍රිය වෙන්න, මාධ්‍ය සංදර්ශන තියන්න කතා කරනවා මිසක් මෙහි දිග පළල දැනගෙන කතා කරන්නේ නැහැ.

Please follow and like us:

Leave a Reply

Your email address will not be published. Required fields are marked *

× How can I help you?